නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
2024 යල කන්නයට අදාළව ගංවතුර ,නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වු වගා හානිවලට අදාළ සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් ඊයේ (27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මාලා ළමාහේවා මහත්මියගේ සහභාගීත්වයෙන් කැලණිය රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණය පිළිබඳව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් වෙන් වෙන් වශයෙන් දත්ත ලබා ගනිමින් වඩාත් ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කළ යුතු බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අනුර ජයසේකර මහතා පැවසීය.ඊයේ (27) විද්‍යා මාවතේ ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රයේ දී පැවති, “ජාතික සුරක්ෂිත දින” ප්‍රධාන සැමරුම් උත්සවයට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඊශ්‍රායල් රැකියා සදහා අයදුම් කර ඇති ශ්‍රමිකයින්ට සිය තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) හඳුන්වා දී තිබේ.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
2028 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.