2024 යල කන්නයට අදාළ සියලු වන්දි මුදල් ගෙවා අවසන්

2024 යල කන්නයට අදාළ සියලු වන්දි මුදල් ගෙවා අවසන්

2024 යල කන්නයට අදාළව ගංවතුර ,නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වු වගා හානිවලට අදාළ සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා ඇත.

2024 මාර්තු මස සිට ඔක්තෝම්බර් කාලය දක්වාම යල කන්නයට අදාළව විවිධ හේතුන් මත, වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් විනාශ විමට ලක් වූ අතර විශේෂයෙන්ම නියඟ, ගංවතුර ආදී තත්ත්වයන් සහ වල් අලි හානි විශේෂයෙන් සලකා බැලිණි.

මේ වන විට 80%කට ආසන්න මුදලක් ගෙවීමට හැකියාව ලැබී ඇති අතර ජනවාරි 05වන විටදී සියලුම දිස්ත්‍රක්කවලට වගා හානි ගෙවීමටත් ඉතිරි ගොවීන් සියලු දෙනාටම ජනවාරි 05 දින වන විටදී අදාළ වන්දි මුදලින් ගෙවීමට කටයුතු කර ඇත. 

වන්දි මුදල් ඉතාම ප්‍රවේසම් සහිතව හා විනිවිද ගෙවීමට කටයුතු සලසා ඇති අතර  එම වන්දි මුදල සෘජුවම ගොවියාගේ බැංකු ගිණුමට බැර කිරීමට කටයුතු කර ඇත. 

2024/2025 මහ කන්නයට අදාළ වන්දි මුදල් පෙබරවාරි මාසයේ මුල වනවිට ගෙවීමට ද කටයුතු යොදා ඇත.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.