අද උදෑසන අනතුරට ලක්ශ‍් වූ ර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් - 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය පිළිබදව වැඩිදුර පරික්ෂණ සිදුකිරිම සදහා 09 දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් ගුවන් හමුදාපති තුමන් විසින් පත්කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක් ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසයි.
හිගුරක්ගොඩ කදවුරේ පිහිටි අංක 07 පියාසර බලඝණයට අයත් බෙල් - 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) මාදුරුඔය ජලශයට වැටි අනතුරකට ලක්වී තිබේ.
මෙම හෙලිකොප්ටර් යානය පෙරවරු 06.46 පැයට හිගුරක්ගොඩ ගුවන් හමුදා මූලික කදවුරෙන් ගුවන් ගතවී මාදුරු ඔය යුධ හමුදා විශේෂ බලකා කදවුර වෙත ගොස් යුධ හමුදා විශේෂ බලකා විසිර යාමේ පෙළපාළියේ නිදර්ශනාත්මක ඉදිරිපත් කිරිමක් සදහා යුධ හමුදා විශේෂ බලකා සාමාජිකයින් 06 දෙනෙකු රැගෙන ගුවන් ගත වී සුලු වෙලාවකට පසු මෙම අනතුරට පත්ව ඇත.
අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා හා ගුවන් යානයේ කාර්යය මන්ඩලය ඇතුලුව 12 දෙනෙකු ගුවන් යානයේ ගමන් කර ඇති අතර ඔවුන් සියලු දෙනාම මුදා ගැනිමෙන් අනතුරුව මූලික ප‍්‍රතිකාර සදහා අරලගන්විල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා පොලොන්නරුව මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව හෙලිකොප්ටරයේ ගමන් ගත් ගුවන් අවිකරුවන් දෙදෙනා සහ යුධ හමුදා විශේෂ බලකා සෙබලුන් හතරදෙනෙකු ඇතුලුව 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.