“ගැහැණු ළමයි “ - ප්‍රංශ කෑන්ස් සිනමා උළෙලට

“ගැහැණු ළමයි “ - ප්‍රංශ කෑන්ස් සිනමා උළෙලට
  • SocialShare:

මෙම වසරේ ප්‍රංශයේ  78 වැනි කෑන්ස් සිනමා උළෙල සඳහා ප්‍රතිෂ්ඨාපනය කරන ලද “ ගැහැණු ළමයි“ සිනමාපටය ඇගයීමට ලක්වීමට  නියමිත බව ජාතික චිත්‍රපට සංස්ථාවෙි සභාපති සුගත් මහදිවුල්වැව මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකචඡාවකට එක් වෙමිනි.

වර්ෂ 1978 , සුමිත්‍රා පීරීස් මහත්මිය අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය කෑන්ස් සිනමා උළෙලකට තෝරා ගත් ප්‍රථම සිනමාපටය වන බවත් ප්‍රතිෂ්ඨාපනය කරන ලද මෙම සිනමාපටය සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රංශ තානාපති කාර්යාලය , ලෙස්ටර් - සුමිත්‍රා පදනම ඉන්දියාවේ Film Heritage ආයතනය මෙම සිනමාපටය ප්‍රතිෂ්ඨාපනය සඳහා දායක වී තිබේ.

එසේම මෙම සිනමාපටයට අමතරව තවත් සිනමාපට 5ක් ප්‍රතිෂ්ඨාපනය සඳහා කටයුතු කරන බවත් චිත්‍රපට සංස්ථාවට අයත් ගොඩනැගිල්ලක සිනමාපට සංරක්ෂණාගාරයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.