ආපදා කළමනාකරණය පිළිබඳව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් වෙන් වෙන් වශයෙන් දත්ත ලබා ගනිමින් වඩාත් ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කළ යුතු බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අනුර ජයසේකර මහතා පැවසීය.ඊයේ (27) විද්‍යා මාවතේ ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රයේ දී පැවති, “ජාතික සුරක්ෂිත දින” ප්‍රධාන සැමරුම් උත්සවයට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” වශයෙන් නම්කර තිබෙන අතර 2005 වසරේ මේ දක්වා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් “ජාතික සුරක්ෂිත දින” සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් සර්ව ආගමික වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.
විශ්‍රාමික මේජර් ජෙනරාල් අනුර ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ මෙම ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, සුනාමි රළ පරහින් මෙරට සිදුවූ විනාශය වසර 20 ක් ගතවී ද අමතක කළ නොහැකි බවත් ඒ තුළින් උගත් පාඩම් තුළින් නැවත එවැනි ව්‍යසන අවස්ථාවක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබද වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.
ආපදා කළමනාකරණය පිළිබඳ පළපුරුදු විශේෂඥ දැනුමැති පුද්ගල කණ්ඩායම් උපයෝගී කරගනිමින් බ්ම් මට්ටම දක්වා ආපදාවට ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කිරීම පිළිබඳ මහජනතාව සවිඥාණික පුද්ගල කණ්ඩායමක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල තාක්ෂණයේ පවතින ඌණතාව මග හැරගනිමින් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය බිම් මට්ටම දක්වා ක්‍රියාත්මක කිරීමට නම් මනා වූ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම කාලෝචිත අවශ්‍යතාවයක් බව එතුමා පෙන්වාදෙන ලදී.
එමෙන්ම ආපදා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව ගෝලීය වශයෙන් ක්‍රියාත්මක අනෙකුත් අනුපූරක රාමු හා ප්රතිපත්තීන්වලට අනුකූලව 2030 වර්ෂය වන විට සාක්ෂාත් කරගැනීමට අපේක්ෂිත ආපදා කළමනාකරණ අරමුණු සඵල කර ගැනීමෙහිලා සියලු කණ්ඩායම්වල ඒකාබද්ධතාවය සහ කැපවීම අත්‍යාවශ්‍ය බවද අමාත්‍යවරයා පැවසීය.