කොවිඩ් වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන් - කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කොවිඩ් වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන් - කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • SocialShare:

 නව කොවිඩ් වෛරසය  සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බවත්,  රෝගීන් පරීක්ෂාව වැඩිකර, පී සී ආර් යන්ත්‍ර ප්‍රමාණය සක්‍රීය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

වාර්තා වන රෝගීන් ප්‍රමාණය අනූව, ඊළග තීන්දුව ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මේ  සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාල නිලධාරීන් නිරන්තරයෙන් රැස්වී තීන්දු  තීරණ ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය. ඉදිරියේදී අදාළ ආයතනය සියල්ල සම්බන්ධීකරණය කරගනිමින් ජනතාවට අවශ්‍ය කරන යාවත්කාලීන තොරතුරු ලබාදීමට කටයුතු කරන  බවද අවධාරණය කළේය.

කොවිඩ් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට පටන් ගත්තේ ඊයේ පෙරේදා හෝ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක කොවිඩ් පැතිරෙන තත්ත්වය යටතේ නොවන බව පැවසූ අමාත්‍යවරයා

පසුගිය දිනවල අග්නිදිග ආසියාවේ රටවල් කිහිපයක මෙම කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් වාර්තා වූ බවද, එම අවස්ථාවේ සිටම ක්‍රියාත්මක වූ වසංගත රෝග විද්‍යා ඒකකය සහ සෞඛ්‍ය  අංශ මේ පිළිබඳ අවධානය යොමු කරමින් මෙම නව තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර සැලකිලිමත් වූ බවද  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 කොවිඩ් රෝග ලක්ෂණ සහිත රෝගීන්ට අවශ්‍යකරන පී සී ආර් පරීක්ෂණ සිදුකරන බවද වැඩිදුරටත් පැවසුවේය. ගුවන්තොටුපොළ සහ වරායන් වලින් රටට ඇතුලු වන අය සම්බන්ධයෙන්  මෙතෙක් තීරණයක් ගෙන නැතැයිද අවශ්‍ය වුවහොත්  ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමට සෞඛ්‍යඅංශ සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.