2026 යල කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 6,000ක ප්‍රතිපාදන

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 6,000ක ප්‍රතිපාදන
  • SocialShare:

2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 6,000ක ප්‍රතිපාදන වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇති බව රජය සඳහන් කරයි.
ඒ අනුව, 2026 යල කන්නයේ වී අස්වැන්න සඳහා වී මිලදී ගැනීමේ වැඩසටහන විධිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට නියමිත අතර, ගොවීන්ගේ වී සඳහා ස්ථාවර වෙළෙඳපොළක් සහ සාධාරණ මිලක් සහතික කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.