ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය මාධ්‍යවේදීන්ගේ වෘත්තියභාවය ආරක්ෂා කර ගැනීම සඳහායි - කැබිනට් ප්‍රකාශක

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය මාධ්‍යවේදීන්ගේ වෘත්තියභාවය ආරක්ෂා කර ගැනීම සඳහායි - කැබිනට් ප්‍රකාශක
  • SocialShare:

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය මාධ්‍යවේදීන්ගේ වෘත්තියභාවය ආරක්ෂා කර ගැනීම සඳහා බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු ඇසු පැණයට පිළිතුරු වශයෙනි.

මෙම ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය 2023 වර්ෂයේ මැද කාර්තුවේදී සකස් කිරීම ආරම්භ කළ බවත් මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීම වෙනුවෙන් එවකට පැවති ආණ්ඩුව විසින් 23 දෙනෙකුගෙන් සමන්විත කමටුවක් පත් කර තිබු බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම කමිටුවට රටේ ජන මාධ්‍යයට සම්බන්ධ වූ විශ්වවිද්‍යාල ප්‍රවීණයන් , ජන මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් , ජන මාධ්‍යට සම්බන්ධ පිරිස් මෙන්ම රාජ්‍ය මාධ්‍යයට සම්බන්ධ පිරිස් සම්බන්ධ වී සිටි බව පැවසු අමාත්‍යවරයා , ඔවුන් සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති බවත් ඒ සඳහා ජන මාධ්‍ය අමාත්‍යංශය පහසුකම් සැපයිම කර ඇතැයි පැවසීය.

නැවත නව ආණ්ඩුව යටතේ තමන් ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් වූවාට පසුව මෙම සාකච්ඡා වට ඉදිරියට ගෙන ගිය බවත් ඇතැම් ජන මාධ්‍ය ආයතනවලින් ලැබුනු ඉල්ලීමකට අනුව , මේ සඳහා අදහස් දැක්වීමට අවස්ථාව අඩුවෙන් ලැබුනු පිරිසට යෝජනා ඉදිරිපත් කිරීමට නැවත අවස්ථාවද ලබා දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සඳහා අවස්ථාව නොලැබුණු පිරිසට පසුගිය 28 වැනිදා අවස්ථාව ලබා දීමට කටයුතු කර බවත් ඒ අවස්ථාවේදී සකස් කර තිබු ජාතික මාධ්‍ය කෙටුම්පත සිංහල සහ ඉංග්‍රීසි භාෂාළෙවෙන් ලබා දුන් බවත් එය දමිළ මාධ්‍යට පරිවර්තනය වන බවද අමාත්‍යවරයා පැවසුවේය.

මෙය ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් මිස පනතක් නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා , මෙයින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා වනවා සේම පුද්ගල අනන්‍යතාවය ,ගරුත්වය සහ  පෞද්ගලිකත්වය ආරක්ෂා විය යුතු බවත් මාධ්‍යවෙදීන් කැමතිනම් මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම ඉදිරියට ගෙන යා හැකි බවද පෙන්වා දුන්නේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.