
2025 ජනවාරි මස 01 සිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පුස්තකාලයේ සමාජිකත්වය මාධ්‍යවේදීන්ට ලබා දීමට ප්රවෘත්ති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
අමාත්‍ය මණ්ඩල තීරණ -2025.01.27
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ.
නව රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
77 වන ජාතික නිදහස් සමරු උත්සවයේ විශේෂ රථවාහන රාජකාරි සම්බන්ධව සහ ඊට සමගාමීව 2025.01.29 සිට 2025.02.02 දිනයන්වලදි පැවැත්වෙන පෙරහුරු රාජකාරි සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් කොළඹ රථවාහන කොට්ඨාසය නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙනබව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය පැවසුවාය.
මොරටුව, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට මෙවරත් ආධුනික අභ්‍යාසලාභීන් 650ක කණ්ඩායමක් බඳවාගැනීමේ උත්සවය, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණ.
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ අවස්ථාව සමගින් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මින් ද සහභාගිවී සිටියහ.
සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීමෙන් මුදාගෙන ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
පෙබරවාරි 01 වැනිදා සිට රටම ක්ලීන් වෙන බවත් ගම දක්වාම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ගෙනයන බවත් සභානායක බිමල් රත්නායක මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසීය. ක්ලීන් ශ්‍රී ලංකා විවාදයේ පිළිතුරු කතාව කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. ක්ලීන් ශ්‍රී ලංකා යනු ජනතා අපේක්ෂාවන්ගේ ප්‍රතිඵලයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති Martin Raiser මහතා අතර හමුවක් පසුගිය දා (21) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.
ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් ටෝකියෝහි ඉම්පීරියල් හෝටලයේදී ඊයේ (30) පැවැත්විණි.
ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය විසින් මෙම උදෑසන භෝජන සංග්‍රහය සංවිධානය කරනු ලැබ තිබුණි. දෙරටේ පාර්ලිමේන්තුවල සාමාජිකයන් අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සභාපති යොෂිතාකා ෂින්ඩෝ (Yoshitaka Shindo) සහ මහලේකම් යුකෝ ඔබුචි (Yuko Obuchi) යන මහත්ම මහත්මීහු මෙහිදී ප්‍රකාශ කළහ. දෙරටේ අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ. ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය කෙයිසෝ ඔබුචි (Keizo Obuchi) මහතාගේ මූලිකත්වයෙන් 1982 වසරේ දී ස්ථාපිත කරන ලද්දකි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.