පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීමෙන් මුදවා ගත්තා

පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීමෙන් මුදවා ගත්තා
  • SocialShare:

සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීමෙන් මුදාගෙන  ඇතැයි  මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ජනවාරි 12වනදා සිට 20 වනදා දක්වා වූ දින නවයක කාලය  තුළ , විෂ මත්ද්‍රව්‍ය වලට ඇතුළත් වන හෙරොයින්, ගංජා ඇතුළු මත් ද්‍රව්‍ය කිලෝ  5760 ක්  අත්අඩංගුව‌ට ගෙන ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නීති විරෝධි ලෙස සමාජය තුළ සංසරණය වෙමින් තිබූ ගිනි අවි රැසක්ද අත්අඩංගුවට ගෙන තිබේ.  නීති විරෝධි ලෙස ගිනි අවි 78 ක් හමුදා කඳවුරකින් එළියට ගොස් ඇති බවත් මෙම තත්වය බරපතල බවද  නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.