පෙබරවාරි 01 වැනිදා සිට රටම ක්ලීන් වෙන බවත් ගම දක්වාම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ගෙනයන බවත් සභානායක බිමල් රත්නායක මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසීය. ක්ලීන් ශ්‍රී ලංකා විවාදයේ පිළිතුරු කතාව කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. ක්ලීන් ශ්‍රී ලංකා යනු ජනතා අපේක්ෂාවන්ගේ ප්‍රතිඵලයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ජාතිවාදය නැති සමාජයක් හදන්න තමයි අපි මහන්සි වෙන්නේ. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන දෙමළ භාෂාවෙනුත් තිබෙනවා. දෙමළ භාෂාවෙන් නැහැ කියලා මන්ත්‍රීවරයෙක් කිව්වා. හරිනි අගමැතිනිය ක්ලීන් ශ්‍රී ලංකා ගැන කතා කළේ නැහැ. මනෝ ගනේෂන් සමඟ පැටලුණා කියලා එක මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළා. හරිනි අගමැතිනිය ක්ලීන් ශ්‍රී ලංකා ගැන කළ පැහැදිලි පිළිතුර මම නැවත සභාගත කරනවා. එහි හැන්සාඩ් වාර්තාව තමයි මේ තිබෙන්නේ.
ජනතාව සම්බන්ධ කරගෙන ශ්‍රමදානයෙන් පටන් ගන්න පුළුවන්. ක්ලීන් ශ්‍රී ලංකා කියලා හදපු පොතක් නැහැ. ගහපු ලියවිල්ලක් නැහැ. මහජන ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් මේ ක්ලීන් ශ්‍රී ලංකා. ඉතිං සමහරු අපේක්ෂා කරනවා මේකේ ඒ ටු එසෙඩ් ලියපු ලියවිල්ලක්. පාර්ලිමේන්තුව සදාචාර සම්පන්න කරන්න අපි දැන් කටයුතු කරනවා. සුඛෝපභෝගී වාහනවල යන්න බැරි රෝගයක් අපට නැහැ. නමුත් මහජන මුදලින් අපි යන්නේ නැහැ. අපේ වැලියුස් දුප්පත් නැහැ. පාර්ලිමේන්තුවේ කෑම එක ඒ කාලයේ රුපියල් දහයට පහළොවට තිබුණේ. ඒක වැඩි කරන්න යෝජනා කළේ අපිම තමයි. දේශපාලන සදාචාරයෙන් ආරම්භ කරලා යහපත් රටක් ගොඩනැඟීමට අපි කටයුතු කරනවා.