All Stories

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණයි

අපේ ආර්ථික දේහයේ ඇති වී තිබෙන ගැටලුවට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය වන ආර්ථික න්‍යාය පත්‍රය මේ නව වසරේ ක්‍රියාත්මක කරන්න අපි සූදානම්

 අපේ මූලික ප්‍රවේශය සැලකිය යුතු ප්‍රමාණයෙන් අපි සාර්ථකව නිමා කරමින් තිබෙනවා . මේ රට යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අවශ්‍ය වන අත්තිවාරම, පදනම අපි සකස් කර තිබෙනවා අපේ රටට, අපේ පුරවැසියන්ට නව වටිනා හර පද්ධතියක් අවශ්‍යයයි

 ක්ලීන් ශ්‍රී ලංකා”  වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ  පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණයි සෑම පුරවැසියෙකුම  තමන්ට පැවරී තිබෙන වගකීමට වග විය යුතුයි . අපේ රජයේ සම්පත්දායකයින් විශාල ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. අපේ රටට එහෙම දේශපාලනයක් අවශ්‍යයි.

“ක්ලීන් ශ්‍රී ලංකා”  වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ  පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණයි

ප්‍රදේශ කිහිපයකට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ප්‍රදේශ කිහිපයකට වැසි

2024 යල කන්නයට අදාළ සියලු වන්දි මුදල් ගෙවා අවසන්

2024 යල කන්නයට අදාළව ගංවතුර ,නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වු වගා හානිවලට අදාළ සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා ඇත.

2024 යල කන්නයට අදාළ සියලු වන්දි මුදල් ගෙවා අවසන්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය නිමිත්තෙන් කැලණිය රජමහා විහාරස්ථානයේ විශේෂ ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් ඊයේ (27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මාලා ළමාහේවා මහත්මියගේ සහභාගීත්වයෙන් කැලණිය රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය නිමිත්තෙන් කැලණිය රජමහා විහාරස්ථානයේ විශේෂ ආගමික වැඩසටහනක්

“ජාතික සුරක්ෂිත දිනය” සැමරේ

ආපදා කළමනාකරණය පිළිබඳව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් වෙන් වෙන් වශයෙන් දත්ත ලබා ගනිමින් වඩාත් ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කළ යුතු බව  ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අනුර ජයසේකර මහතා පැවසීය.ඊයේ (27) විද්‍යා මාවතේ ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රයේ දී  පැවති,  “ජාතික සුරක්ෂිත දින” ප්‍රධාන සැමරුම් උත්සවයට එක්වෙමින්  ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“ජාතික සුරක්ෂිත දිනය” සැමරේ

ඊශ්‍රායල් රැකියාලාභීන්ට සිය තොරතුරු ලබා ගැනීමට නව වෙබ් ද්වාරයක්

ඊශ්‍රායල් රැකියා සදහා අයදුම් කර ඇති ශ්‍රමිකයින්ට සිය තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) හඳුන්වා දී තිබේ.

ඊශ්‍රායල් රැකියාලාභීන්ට සිය තොරතුරු ලබා ගැනීමට නව වෙබ් ද්වාරයක්

Subcategories