2024 නොවැම්බර් මස ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්කයන්හි වන්දි මුදල් නිදහස් කිරීමට අදාළ කටයුතු කරමින් පවතින බවට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2024 නොවැම්බර් මස ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්කයන්හි වන්දි මුදල් නිදහස් කිරීමට අදාළ කටයුතු කරමින් පවතින බවට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතු කොටගෙන පහළ ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම සුළු ගංවතුර මට්ටමට ආසන්නව පවති. මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශය හරහා ගමන් ගන්නා වාහන පදවනන්ගෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය.
ආචාර්ය එච්. එන්. තේනුවර මහතා විසින් රචිත Economic Policy Lessons for New Sri Lanka කෘතිය කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් වෙත පිළිගැන්වීම පසුගියදා (14) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
ආයතන සහ වෛද්‍ය ක්‍රම කොතරම් පවත්වාගෙන ගිය ද එම සෑම අංශයකම හා වෛද්‍ය ක්‍රමයකම අවසාන අරමුණ විය යුත්තේ පුරවැසියා නිරෝගී සම්පන්නව තබාගැනීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහනක්, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයයේ මග පෙන්වීම් මත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය මේ වන විට සැලසුම් සකස් කර ඇත.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් (Pledge Loan Scheme) ආරම්භ කර ඇත.
අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ ආදයම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර ඇත.
ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජපානයේ නව රැකියා ක්ෂේත්‍ර විවර කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකිඹ මහතා (Mr. Isomata Akio) පවසයි.
පර්යේෂණ සහ සංවර්ධනය වාණිජකරණය තුළින් තිරසර ආර්ථිකයක් ගොඩනැඟිය හැකියි - ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය
ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් ටෝකියෝහි ඉම්පීරියල් හෝටලයේදී ඊයේ (30) පැවැත්විණි.
ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය විසින් මෙම උදෑසන භෝජන සංග්‍රහය සංවිධානය කරනු ලැබ තිබුණි. දෙරටේ පාර්ලිමේන්තුවල සාමාජිකයන් අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සභාපති යොෂිතාකා ෂින්ඩෝ (Yoshitaka Shindo) සහ මහලේකම් යුකෝ ඔබුචි (Yuko Obuchi) යන මහත්ම මහත්මීහු මෙහිදී ප්‍රකාශ කළහ. දෙරටේ අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ. ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය කෙයිසෝ ඔබුචි (Keizo Obuchi) මහතාගේ මූලිකත්වයෙන් 1982 වසරේ දී ස්ථාපිත කරන ලද්දකි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.