Economic Policy Lessons for New Sri Lanka කෘතිය එළිදැක්වේ

Economic Policy Lessons for New Sri Lanka කෘතිය එළිදැක්වේ
  • SocialShare:

ආචාර්ය එච්. එන්. තේනුවර මහතා විසින් රචිත Economic Policy Lessons for New Sri Lanka කෘතිය කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු  සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් වෙත පිළිගැන්වීම පසුගියදා (14) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. 

මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිවරයකු සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වන ආචාර්ය තේනුවර මහතා  මෙරට පුවත්පත් සඳහා විවිධ අවස්ථාවල දී ලියන ලද ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කාලීන ප්‍රවණතාවන් පිළිබඳ ලිපි එකතුවක් ඇසුරෙන් මෙම කෘතිය රචනා කර ඇත.