මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විමර්ශන

    වෙසක් සහ පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බවත්, මේ පිළිබඳව ඇඟැවීමක් ඇති වන ආකාරයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උපුටා දක්වමින් පළ කොට ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් රජය අවධාරණය කරයි. තම කැමැත්ත පරිදි තොරණ ප්‍රදර්ශනයට සහ දන්සල් පැවැත්වීමට කිසිදු පුරවැසියකුට හෝ පුරවැසි කණ්ඩායමකට බාධාවක් නැත.

    චීනය ගැන මේ කියන කතාව , චීනයට වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකාව වැනි රටකටයි. මක් නිසාද යත් චීනය මෙන්ම ශ්‍රීලංකාව ද සංස්කෘය ඉහලින්ම අගය කරන රටකි. සංස්කෘතියේ අගයන් වටහා ගැනීම තුල මිනිසුන් තුළ  ඇතිවන හික්මීම සංවර්ධනයට සෘජුවම බලපාන බව චීන අධ්‍යාපනඥයින් නිතර සදහන් කර සිටී.

    නුතන සන්නිවේදන තාක්ෂණයේ සිදු වි ඇති සිඝ්‍ර වර්ධනය හේතුවෙන් ගෝලිය ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් කරා පරිවර්තනය වෙමින් පවතින අතර ,එය සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවත්නා රටවල ආර්ථික,දේශපාලන, සාමාජීය යන අංශ වල ගමන් මඟ වඩාත් කාර්යක්ෂම සේම ඵලදායිවීමට හේතු වී ඇත.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෑම වසරකම තෙවරක් සිය නිත්‍ය සැසිවාර පවත්වයි. ඒ පෙබරවාරි-මාර්තු, ජූනි, සහ සැප්තැම්බර් යන මාසවලය. දැනට පැවැත්වෙන කවුන්සිලයේ 37 වැනි සැසිවාරය 2018 පෙබරවාරි 26 වැනි දින ආරම්භ වූ අතර මාර්තු 23 වැනි දින අවසන් වේ

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මඟින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය

     

    dr 2පුරුෂයකුගේ හෝ කාන්තාවකගේ වඳබව හෝ මඳසරු බව ඇති කළ හැකි කිසිදු පෙත්තක් දැනට ලෝකයේ කිසිම තැනක නැතැයි දිවයිනේ ජ්‍යේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කරති.

    මූලික පියවරක් ලෙස, වයිබර් සමාජ ජාලය (Viber) වෙත මෙතෙක් තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය අද දින මධ්‍යම රාත්‍රියේ  සිට නැවත ලබා දීමට රජය තීරණය කර තිබේ.

    අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන අරමුණ වනුයේ දශක ගණනාවක් පුරා බහුවිධ ගැටුම් තත්ත්වයන් හේතු කොට ගෙන අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් අත්විඳින මහත් වේදනාවන්ට සහනයක් සැලැස්වීම බවත් විපතට පත් සියලු ජනකොටස්වලට ජනවර්ගය,ආගම හෝ කලාපීය වශයෙන් කිසිදු භේදයකින් තොරව සේවය ලබදීමට බැඳී සිටින බවද අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    ග්ලෝකෝමාව යනු කුමක් දැයි බොහෝ අය අසා තිබුණ ද එ් පිළිබඳව කොතරම් දැනුම්වත් දැයි පැණයට හරියාකාරව පිළිතුරක් නොමැත.ලෝකයේ අන්ධ භාවයට පත් වුවන්ගෙන් බහුතරය ඇසේ සුඳ හේතුවෙන් අන්ධ වන අතර එය ශල්‍යකර්මයකින් ඉවත් කිරිමෙන් නැවත පෙනුම ලබා ගත හැකි වේ.

    රටේ සාමයට බාධා කෙරෙන,අසමඟිය ඇති කරන කිසිවක් සිදු නොකරන ලෙසත් රටේ ජාතික උන්නතිය සඳහා,ජාතික සමඟිය සඳහා ගත් නීති රීති පිළිබඳව දැනුවත් වන ලෙසත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ බල පවත්නා වූ නීතින්ට එරෙහිව යන පරිදි ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට හෝ වෛරී සහගත ප්‍රකාශනයන්ට පෙළඹවීම ඇතිකරන ක්‍රියාවන්හි නිරත නොවීමට සියලුම ශ්‍රී ලාංකිකයන්ද විශේෂයෙන් ජනමාධ්‍ය ආයතන ද සැලකිලිමත් විය යුතු අතර ඉහත කී ආකාරයේ ප්‍රචණ්ඩ පෙළඹවීම් හෝ වෛරී සහගත භාවිතයන් සහිත ප්‍රකාශයන් පළ නොකිරීමට සහ ප්‍රසිද්ධ නොකිරීමට ද සියල්ලන්ව කටයුතු කළ යුතුය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ ආරාධනයෙන් දිවයිනට පැමිණි පුද්ගල නාශක බිම්බෝම්බ ඉවත් කිරීමේ සම්මුතියේ ප්‍රධානි මිරෙඩ් රාඩ් සෙයිඩ් අල්හුසෙන් මහතා (Mired Raad Zeid Al-Hussein) පසුගිය දා යාපනය, මුහුමලේ බිම්බෝම්බ ඉවත් කරන ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර ශ්‍රී ලංකා යුද හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA-HDU) සඳහා බිම්බෝම්බ ඉවත් කිරීමේ නව උපකරණ සහ බිම්බෝම්බ හඳුනාගැනීමේ සුනඛයන් (MDDs) මිලදීගැනීමට අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කළහ.

    දිවයිනේ ප්‍රදේශ කීපයක සිදු වූ වාර්ගික ගටුම් පිළිබඳව වගකීමෙන් යුතුව වාර්තාකරණයේ යෙදුනු සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ගේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ප්‍රධානීන්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රසංශාව හිමි වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මහනුවර තෙල්දෙණිය ගැටුම පිටුපස සංවිධානත්මක පිරිසක් සිටිනවා - මහනුව දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සත්කෝරල මහදිසාවේ උපදිසා සංඝනායක පූජ්‍ය මහා ගල්කඩුවල පුණ්‍යසාර හිමි 

    මහනුවර තෙල්දෙණීය ප්‍රදේශයේ උද්ගතව ඇති තත්වය අරගලයක් දක්වා ගෙන යා යුතු දෙයක් නොවන බවත් මෙවැනි සිද්ධි තුළින් රට සහ රජය ජාත්‍යන්තරය හමුවේ අපහසුතාවයට පත් කරන බවත් සත්කෝරල මහදිසාවේ උපදිසා සංඝනායක පූජ්‍ය මහා ගල්කඩුවල පුණ්‍යසාර හිමි පැවසූහ.

    අතුරුදන්වූවන්ගේ කාර්යාලය සඳහා පත්කෙරුණු කොමසාරිස්වරුන්ගේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ (පෙබරවාරි 28 ) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.
    ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් 2017 වර්ෂයට අදාල දූෂණ සංජානන දර්ශකය (Corruption Perception Index) පෙබරවාරි 21 දින එළිදක්වන ලදී. එකී දර්ශකයට අනුව ශ්‍රී ලංකාව රටවල් 183ක් අතරින් 91 වන ස්ථානයට පත්ව ඇති අතර ලකුණු 38 ක් ලබාගෙන ඇත.
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 දෙසැම්බර් මාසයේ පැවැති 7.3%ට සාපේක්ෂව 2018 ජනවාරි මාසයේ දී 5.4%ක් දක්වා පහළ ගොස් ඇත.

    ලබන 8 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 2018.02.09 දින වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya