දෙසැම්බර් 12, 2018

tami eng youtube google twitter facebook

    විමර්ශන

    බණ්ඩාරවෙල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ඇම්. අප්පුහාමි මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැත් වූ කතාව.

    කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටියුඩර් දයාරත්න මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැත් වූ කතාව.

    බෝයාවේ නළය පිපිරීමෙන් තෙල් ගොඩබෑම අඩපණවීමෙන් ඇති වූ තත්ත්වය මත කිසිදු ප්‍රමාද ගාස්තුවක් මේ දක්වා ගෙවා නැති බවත් කිසිදු සමාගමක් ද ප්‍රමාද ගාස්තුවක් ඉල්ලා නොමැති බවත් ඛනිජතෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (24) ප්‍රකාශ කළේය.


    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමස්ත ශී‍්‍ර ලාංකේය ළමා පරපුර සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කරමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමේ අභියෝගාත්මක මෙහෙවරෙහි නිරතව සිටී.

    මතකය අවදි කිරීමට පවා අසීරු කැබිතිගොල්ලෑව බස් බෝම්බයෙන් සිදුවු ඛේදවාචකය අද මෙන් කාගේත් හිත් තුළ සටහන්ව තිබේ. 

    අඩු උද්ධමනාත්මක පරිසරය තවදුරටත් අඛණ්ඩව පවතින බව පෙන්නුම් කරමින්, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන උද්ධමනය 2012 පෙබරවාරි මාසයේ සිට වාර්තා වන අඩුම අගය 2014 ජූනි මාසයේදී වාර්තා කළ අතර වාර්ෂික සාමාන්‍ය උද්ධමනය ද අඩු වන ප‍්‍රවණතාවක් පෙන්නුම් කරන ලදී. 

    වෛරයෙන් වෛරය නොසන්සිඳේ. මෛත්‍රීයෙන් වෛරය ජයගත යුතුය.

     

    නිල් අහස සිඹින්නට මෙන් අහස අරා නැගෙන නෙළුම් පොහොට්ටුවේ සොඳුරු දසුන කොළඹ පුරවරයටම අලුත් සුන්දරත්වයක් තව නොබෝ දිනකින් ගෙන එනු ඇත. එය හෙට දවසක කොළඹ නගරයේ ආකර්ෂණීයත්වයේ සංකේතයක් බවට පත්වේ.

     

    ගර්භනී සමයේදී දරු ප්‍රසූතියේදී හෝ පසු ප්‍රසව අවධියේදී ලොව පුරා මව්වරුන් 800ක් පමණ දිනපතා මරු මුවට පත්වෙයි. ඒ අතරින් 99%ක් ම අයත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලටයි. දරු ප්‍රසූතියේදී හෝ ඉන් අනතුරුව සිදු වන අධික රුධිර වහනය මේ මාතෘ මරණවලට හේතු වන අතර ආසියානු කලාපයේ මාතෘ මරණවලින් 31%කට හේතු වන්නේ මේ අධික රුධිර වහනයයි. 


    මිස්සක පව් ගිර පෙනෙන ඉම, රන් වැලි සෑ කොත් දිලෙන බිම, එමතු ද නොව අනේක විධ සංස්කෘතික දායාදයන් ගෙන් හෙබි අනුරාධපුරය, එදා මෙදා තුර නෙක විසිතුරු පාන්නීය.


    මිහින්තලා කඳු මුදුනින් ගලා ආ බුදු දහම මෙරට පළමුව කේන්ද්‍ර වූයේ අනුරාධපුරයේ ය. එහෙයින් එදා මෙදා තුර ශ්‍රී ලංකා ද්වීපයෙහි ගොඩනැඟුණු සංස්කෘතියේ, රන් හදවත “අනුරාධපුරයම” වේ. මෙම පරම පූජනීයත්වයට පත් පිං බිම පියකරු පුරවරයක් කරන්නට වෙහෙස වූවෝ අපමණය. ඈත අතීතයේ පැවතියාක් මෙන්ම අදටත් අනුරපුර මනස්කාන්තව බැබළෙන්නේ, එය පියකරු කරන්නට කා‍ලෝචිත නවාංග එපුර පුරාවට එකතු කළ නිසාමය.

     
    අනුරාධපුර පදනම් කරගෙන වට රවුම් සංස්කෘතියක් ගොඩ නැඟෙන තරමේ විශේෂතා රැසක් දක්නා ලැබේ. විශේෂයෙන්ම  මෙම නගරය ශ්‍රී ලංකා‍වේ වැඩිම වට රවුම්  සංඛ්‍යාව ඇති නගරය ‍බැව් අවිවාදිතව කිව හැකිය.  පූජා නගරය  ඇතුළු නගර සීමාව තුළ වට රවුම් 18ක් පමණ පවතින බව අනුරාධපුර නාගරික කොමසාරිස්  සම්පත් රෝහණ ධර්මදාස මහතා පවසයි. 13කට පමණක් සීමා වී තිබු වට රවුම් සංඛ්‍යාව 18ක් දක්වා මේ වන විට වැඩිකර තිබේ. මෙලෙස වටරවුම් සංඛ්‍යාව වැඩි කරන්නේ ඇයි දැයි කෙනෙකුට හැඟෙන්නට පිළිවන. වර්ෂයේ සෑම කාලසීමාවකම මහජනතාව නොමඳව ගැවසෙන නගරයක් ලෙසත්, දිවයිනේ නන් දෙසින් පැමිණෙන රථ වාහනවලින් පිරුණු නගරයක් ලෙසත් නම් දරා ඇති මෙම නගරයේ ඇතිවන දැඩි රථ වාහන තදබදය අවම කිරීමට මෙම වට රවුම් හරහා සහය ලැබී තිබේ. එමෙන්ම ඇතිවන රිය අනතුරු මගී අනතුරු ආදිය ද  අවම මට්ටමක පැවතීමට විධිමත් නගර සැලසුම්කරණය හමුවේ ‍ගොඩනගා ඇති වටරවුම්වලින් ද ඉහළ පිටු බලයක් ලැබී ඇත.

     මෙම වටරවුම් අතර ප්‍රධාන වටරවුම් කිහිපයකි. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වට රවුම, ඩී.එස්. සේනානායක, සිංහ කණුව, කොබ්බෑකඩුව, ආයුර්වේද, පළාත් සභා වට රවුම ආදී වශයෙන් වර්තමාන ව්‍යවහාරයේ පවතින වට රවුම් අනුරාධපුර නගරයේ පවතින ප්‍රධාන වටරවුම් කිහිපය ලෙස ගණන් ගැනේ.
     

    ඒ අතරතුර වට රවුම් පිළිබඳව සාකච්ඡා කළ යුතු වැදගත් ම කාරණය වන්නේ එය නගර අලංකරණයට දක්වන දායකත්වයයි.හෝරා මාපකයකින් හෝ ඓතිහාසික  සිහිවටනයකින් හෝ දේශමාමක පුද්ගලයකුගේ රුවකින් ආදී  වශයෙන් විවිධ නිරූපණයන්ගෙන් හැඩවන වට රවුම් අනුරාධපුර නගර කුමරිය සරසන ආභරණ බඳුය. ඓතිහාසික ශ්‍රී විභූතිය වර්තමාන ජනතාවට කියා දෙන්නට මෙම වටරවුම් හරහා ද උත්සාහ දරා ඇත. ඒ අතුරින් සම්බුද්ධත්ව ජයන්ති වටරවුම පිළිබඳව කරුණු කීම කාලෝචිතය. ඉතා මනරම් ශිලා ස්ථම්භයක් දක්නට ලැබේ. මෑත කාලීන ප්‍රතිසංස්කරණවලදී  එම ස්ථම්භය කරවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් විවෘත කරනු ලැබුවේ, 2600වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කර ගෙනය. අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පණ්ඩිත නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන්ගේ අදහසක් අනුව මෙම සම්බුද්ධත්ව ජයන්ති ශිලා ස්ථම්භය ඉදිකෙරිණි. ඒ සඳහා පූර්ණ ධන පරිත්‍යාගය ලබා දී ඇත්තේ ලංකා බැංකුව මගිනි.

     

    ඓතිහාසික අනුරාධපුරයේ ප්‍රතාපවත් බව කියා පාමින් කණ්ඩුල ඇතු මතින් දුටු ගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය දෙසට ගමන් කරන විලාසයක් පෙන්වන අපූර්ව නිමැවුමකින් අලංකාරවත් කර ඇති පළාත් සභා  ‍වට රවුම ද මන බඳනා එකකි. “සුරපුරය’’ ලෙස නම් කරන අනුරාධපුර ප්‍රධාන දේශපාලන මධ්‍යස්ථානය වන නව පළාත් සභා ගොඩනැගිල්ල අභියස තිබෙන මෙම පිළිරුවෙන් අතීතය හා වර්තමානය අපුර්ව ලෙස ගලපා ‍එය සෞන්දර්යාත්මකව ජනතා මනසට එකතු කරයි.  එය එතැනින් යන එන ඕනෑම කෙනෙකුගේ සිත් පැහැරගන්නා දර්ශනයකි.
     

    ආයුර්වේද වටරවුමේ දිස්වන රුව පරාක්‍රමබාහු රජතුමාගේ ය. පුස්කොළ පොතක් අත තබා සිටින්නේ යැයි විරුදාවලි ලබන පැරකුම් නරේන්ද්‍රයාණන්ගේ  අනුරුවක් සමඟ ආයුර්වේද රෝහල ගැලපීමේ දී ඒ දෙතැනින්ම අපේ අතීතයට ගමන් කළ හැකිය.  අනුරාධපුර  දුම්රිය ස්ථානය පසුකර පුජා නගරයට ප්‍රවිෂ්ඨ වන ස්ථානයේම  පිහිටා ඇති සිංහ කණුව අනුරාධපුර අටමස්ථානය වන්දනා කරන්නට යන කාගේත් නෙත ගැටී ඇතිවාට සැක නැත. මනරම් ශිලා ස්ථම්භය මුදුනෙහි පිහිටුවා ඇති සිංහ රුව හෙළදීපයේ ප්‍රෞඪත්වයේ සංකේතයක් බඳුය.

     අතීත සමාජ, ආර්ථික දේශපාලනික ස්වභාවයන්, මතුවන ආකාරයේ නිරූපණයන් සහිත වටරවුම් සේම, මෑත ඉතිහාසයේ තත්ත්ව මතු කරන නිරූපණයන් ද ‍ අනුරාධපුර වටරවුම් සංස්කෘතිය පිරික්සීමේ දී හිඟ නැත.


    අනුරපුර රෝහල අසල ඇති, කොබ්බෑකඩුව වට රවුම ඊට කදිම නිදසුනකි. දැනටත් ඉතා අලංකාරවත් ලෙස නඩත්තු කටයුතු පවත්වාගෙන යන මෙහි මෙරට පැවැති කුරිරු යුද්ධයේ දී රට වෙනුවෙන් දිවි පිදූ අභීත සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවක් පිහිටුවා තිබේ.

    අනුරාධපුර නගර මධ්‍යයේ දක්නට ඇති අනෙක් වැදගත් අලංකාරවත් වටරවුම සාමාන්‍ය ව්‍යවහාරයේ දී ඩී.එස්. වට රවුම ලෙස නම් කරයි.  නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා හෙවත් ජාතියේ පියා ලෙස බුහුමන් ලබන ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුව නගරයට අමුතු ගාම්භීරත්වයක් එක් කරයි. එතුමාගේ ජනතා සේවය සැමරීම වෙනුවෙන් රජරට ගොවි ජනතාව විසින් පිහිටුවන ලද බව එම පිළිරුව පාමුල සඳහන් කර තිබේ. මේ හැරුණු කොට  නගර මධ්‍යයෙන් ඔබ්බෙහි තවත් වටරවුම් කිහිපයක් ද පූජා නගරය කේන්ද්‍ර කරගෙන තවත් වටරවුම් කිහිපයක්ද දැකිය හැකිය.

     
    මේවා මේ තරමට ම විසිතුරු ලෙස පෙනෙන්නට සලස්වන්නේ කවුරුන්දැයි කාටත් පැනයකි. නමුත් මේ සා විශාල කාර්යභාරයක් සඳහා රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකම ඉහළ වුවමනාවකින් මැදිහත්ව සිටී. බොහෝ දුරට මෙම වටරවුම් නිමවා වර්ෂය පුරා නඩත්තු කරන්නේ නගරාලංකරණය අපේක්ෂා කරන කිසියම් පෞද්ගලික ආයතනයකිනි. ඒ අනුරාධපුර නගර සභාව සමඟ පුර්ණ ගිවිසුම්ගත වීමක් සහිතවය. මේ දිනවල වටරවුම් ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් ද අනුරාධපුර නගර සභාව, නාගරික සංවර්ධන අමාත්‍යංශය ආදිය  රාජ්‍ය ආයතන ඒකාබද්ධ වෙමින් ආරම්භ කර තිබේ. එහි ආරම්භයක් ලෙස ඩී.එස්. වටරවුම හා ලංකා බැංකු වටරවුම මේ වනවිටත් අලංකාරවත් ලෙස ප්‍රතිසංස්කරණය කර පවත්වාගෙන යයි. මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ දී එක් වට රවුමක් සඳහා ලක්ෂ 8ක පමණ මුදලක් වැය වන බවද අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේය.
     

    වර්තමාන රජයෙහි මහින්ද චින්තන ඉදිරි දැක්මේ 20 පිටුව තුළ ඇති සඳහනක් සිහිපත් වේ. “අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැඟුණේ මෙත්තාව, මුදිතාව, කරුණාව තුළිනි.” යනුවෙන් එහි සඳහන් ව ඇත. එමෙන්ම එහි විසි දෙවන පිටුවෙහි “අතීත අභිමන හෙටටත්” යන හිසින් යුක්තව මෙසේ සඳහන් කර තිබේ. “ශ්‍රී ලංකාවේ සියලු අතීත හා ජාතික උරුමයන් සුරක්ෂිත කොට අනාගත පරපුරට දායද කිරීම ර‍ජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකන්නෙමි.”


     එම ප්‍රකාශවලින් නොනැවතී ඓතිහාසික ශ්‍රී විභුතිය ද එලෙසම සුරක්ෂිත වන පරිදි අනුරාධපුරය වැනි මිහිඳු සංස්කෘතියේ සමාරම්භය සනිටුහන් කළ පුණ්‍ය භූමියක අලංකාරය හා ඓතිහාසිකත්වය යන දෙඅංශය ම සුරක්ෂිත කරමින් සිදුකරන වටරවුම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අගය කළ මනාය. මේ වෙනුවෙන් කැපවන නගරාධිපතිවරයා, එහි අනෙකුත් දේශපාලන අධිකාරියේ මැදිහත්වීම අගය කළ මනාය. විශේෂයෙන්ම අනුරාධපුර පරිපාලනයේ මුදුන තමන් බව තේරුම් ගෙන නිරතුරුවම අතීත සංස්කෘතිය සිහිගන්වන අතරතුර එය සුරකිමින් අනුරාධපුරය කාලීනව හැඩගැස්වීමට සාර්ථක වෙහෙසක නිරතවන අනුරපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතාගේ මැදිහත්වීම ද අගය කළ යුතුය.

    අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාසාභිධාන නාහිමියන්ගේත්, රුවන්වැලි චෛත්‍යාරාමාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ උපදෙස් අනුශාසනා මෙම කටයුතු සාර්ථක වීමට ආශිර්වාදයකි.

    අනුරාධපුරය ඉහළට ඔසවා තැබීමට වෙර දරන සියලුම පිරිස් එකට එක්ව නිතර සාකච්ඡා කර සාර්ථක සම්මුතින්වලට එළැඹීම හරහා එකමුතුකම ප්‍රදර්ශනය කිරීම නගරය සංවර්ධනය වීමට මූලික හේතුව වී තිබේ. කඩිනමින් ප්‍රතිසංස්කරණය වන අනුරපුර වටරවුම් සංස්කෘතියේ අලුත් වීමද රටට කියාපාන්නේ නව නගර සංවර්ධනයේ  විශිෂ්ටත්වයයි.



    ෂෙල්ටන් බණ්ඩාර

    ප්‍රවෘත්ති නිලධාරී - අනුරාධපුරය

    ඉන්දියාවේ අබිනවයෙන් පත් වූ භාරතීය ජනතා පක්ෂ රජය ශ්‍රී ලංකාව සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවන් ගොඩනඟා ගැනීමට දැඩි උනන්දුවකින් කටයුතු කරන බව භාරතීය ජනතා පක්ෂයේ ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

    ලංකාවේ භින්ෂූන් වහන්සේගේ අධ්‍යාපනය පිළිබඳ කතාකරන විටම පිරිවෙන් අධ්‍යාපනය ගැනත් කතාකරන්නට වෙන්නේ අනිවාර්යයෙන්. මුල් කාලයේ සිටම භික්ෂූන් වහන්සේ අධ්‍යාපනය ලැබූ ස්ථානයත් වාසස්ථානයත් යන අර්ථ දෙකෙන්ම ගම්‍ය වෙන්නේ පිරිවෙන.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu