ජූලි 22, 2019
tami eng youtube  twitter facebook
    logo

    ශ්‍රීලංකන් ගුවන් සමාගම 35 වන සංවත්සරය සමරයි

    සැප්තැම්බර් 01, 2014

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ නවතම සාමාජිකයා වශයෙන් (oneworld global airline alliance) සිය 35 වන සංවත්සරය කටුනායක ගුවන් සේවා මූලස්ථානයේදී අභිමානයෙන් අද (01) සමරනු ලබයි.


    ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්ෂ 1979 දී  ආරම්භ වූ අතර මේ වන විට සිය ගෝලීය ගුවන් ජාලය ව්‍යාප්ත කරමින් රටවල් 44ක ගමනාන්ත 89ක් දක්වා ගුවන් මෙහෙයුම් සිදුකරනු ලබයි. සතියකට ගුවන් ගමන් වාර 260ක් මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට  සිදු කරන අතර, ඒ සඳහා එයාර්බස් වර්ගයේ ගුවන් යානා 21ක් යොදා ගනී.

    airline3


    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, “ශ්‍රී ලංකාව ආසියාවේ ගුවන් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ රජයේ දැක්ම  සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම රජයට අති විශාල සහයෝගයක් ලබාදෙන බවයි. තවද මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා ජාතික ගුවන් සේවය පුහුණු පහසුකම් වර්ධනය කරමින් ‍ක්ෂේත්‍රයේ වැඩිවන ඉල්ලුම්  සඳහා එහි මෙහෙයුම්  ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවයි.
    nishanthaw

    මේ වසරේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය ගුවන් සේවා ඇණිය තවදුරටත් ශක්තිමත් කරමින් පුළුල් බඳ සහිත ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමටද සැලසුම් කර තිබේ. ඒ අනුව  A330 -300 ගුවන් යානා 6ක්, සහ A 350 -900 ගුවන් යානා 7ක් එක් කිරීමට කටයුතු යොදා ඇත. මේ වසරේ ඔක්තෝබර් මාසයේදී පළමු A330 ගුවන් යානාව එකතුවීමත් සමඟ ම ශ්‍රීලංකන් හා එක්ව පියාසැරියේ යෙදෙන මගීන්ට නවතම අත්දැකීමක් අත්විඳ ගැනීමටද අවස්ථාව උදා වනු ඇත.
     

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, “මෙසේ නවතම පුළුල් බඳ සහිත ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීම තුළින් ගමනාන්ත රැසකට ගුවන් මෙහෙයුම් ව්‍යාප්ත කරමින් පහසු ගුවන් සම්බන්ධතා ‍ඇති කිරීමටත් ගුවන් මගීන්ට අනර්ඝ තත්ත්වයේ සේවා සැපයීමටත් හැකිවන බවයි. එසේම කාර්යක්ෂමතා සහ ආදායම් වර්ධනය කිරීමට ද මෙයින් අවස්ථා ලැබෙන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය. ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගිය වසරේ මිලියන 4.2ට වැඩි මගීන් සංඛ්‍යාවක් සඳහා සේවා සපයා ඇති අතර මෙරටට මිලියන 2කට වැඩි ප්‍රමාණයක මගීන් ගෙන්වීමට පහසුකම් සපයා ඇති බවත් මෙම සංඛ්‍යාලේඛන ලබන වසර තුළ නව ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීම නිසා වැඩි වන බවද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.

     

    SriLankan-CEO-Kapila-Chandrasena- 3

    එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් හඳුන්වාදෙන ලද  ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු ඇකඩමිය තුළින් අප ‍රටේ සිසුන්ට ගුවන් සේවා දැනුම වර්ධනය කිරීමට අවස්ථා විවර කර ඇත. ශ්‍රී ලංකාව ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින් කලාපයේ EASA (යුරෝපීය ගුවන් සේවා නිරුපද්‍රිතා ඒජන්සිය) සහතිකය ලබාගත් එක් ආයතනයක් වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිමියුලේටර් මධ්‍යස්ථානය තුළින් A320-A330 සිමියුලේටර් පුහුණු පහසුකම් ලබාදී ගුවන් සේවා ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන තරුණ පරපුර සඳහා පහසුකම් සපයා දේ.

    airline1


    නුදුරු අනාගතයේ කලාපයේ ගුවන් සේවා සඳහා නඩත්තු සහ අලුත්වැඩියා (MRO) පහසුකම් සපයා දීම වෙනුවෙන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නඩත්තු සහ අලුත්වැඩියා (MRO)අංශයක් ස්ථාපිත කිරීමට ද ගුවන් සමාගම බලාපොරොත්තු වේ.
    airline4
     

    ශ්‍රීලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානය හා (oneworld Global Alliance) එක් වූ ඉන්දියානු උප මහද්වීපයේ ප්‍රථම ගුවන් සමාගම ලෙස 2014 මැයි 01 වෙනි දා සිට ඉතිහාසයට එක්විය. මේ සඳහා ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවාවන් අත්වැල් බැඳ ගෙන සිටියි. ආසියා ශාන්තිකර කලාපයේ ගුවන් සේවා වන කැතේ පැසිෆික්, ජපෑන් එයාර්ලයින්ස්, මැලේසියා එයාර්ලයින්ස්, ක්වන්ටාස්, යුරෝපයේ එයාර්බර්ලින්, බ්‍රිටිෂ් එයාර්වේස්, ෆින් එයාර්, අයිබීරියා, රුසියාවේ එස් 7 එයාර්ලයින්ස්, සහ මැදපෙරදිග ගුවන් සේවා වන කටාර් එයාර්වේස්, රෝයල් ජෝර්දානියන් මෙන් ම ඇමරිකන් එයාර්ලයින්ස්, ලෑන් එයාර්ලයින්ස් වැනි ලොව ප්‍රමුඛතම ගුවන් සේවා ඒ සඳහා එක්වී තිබේ. වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකත්වය සමඟ ශ්‍රීලංකන් ගුවන් සමාගම රටවල් 150 ගමනාන්ත 1000ක් වෙත සිය පාරිභෝගිකයන්ට පහසුකම් ව්‍යාප්ත කර ඇත.

     
    එනූෂා බණ්ඩාර

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya