මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට ජාත්‍යන්තරව ලබා ගත් ප්‍රසාදය කඩා කප්පල් කිරීම මෙවනි අරගලවල අරමුණයි- මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව

    මාර්තු 06, 2018

    මහනුවර තෙල්දෙණිය ගැටුම පිටුපස සංවිධානත්මක පිරිසක් සිටිනවා - මහනුව දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සත්කෝරල මහදිසාවේ උපදිසා සංඝනායක පූජ්‍ය මහා ගල්කඩුවල පුණ්‍යසාර හිමි 

    මහනුවර තෙල්දෙණීය ප්‍රදේශයේ උද්ගතව ඇති තත්වය අරගලයක් දක්වා ගෙන යා යුතු දෙයක් නොවන බවත් මෙවැනි සිද්ධි තුළින් රට සහ රජය ජාත්‍යන්තරය හමුවේ අපහසුතාවයට පත් කරන බවත් සත්කෝරල මහදිසාවේ උපදිසා සංඝනායක පූජ්‍ය මහා ගල්කඩුවල පුණ්‍යසාර හිමි පැවසූහ.

    වත්මන් රජය බලයට පත් වීමෙන් පසු ජාත්‍යන්තරව ලබා ගත් ප්‍රසාදය නිසා විශාල ආයෝජනයන්ද මේ වන විට ලැබෙමින් පවතින බව පෙන්වා දුන් උන් වහන්සේ ඒවා කඩා කප්පල් කිරීම මෙවැනි අරගල පසු පස තිබෙන බවද පැවසූහ.

    මහනුවර තෙල්දෙණීය ප්‍රදේශයේ උද්ගතව ඇති තත්වය පිළිබද පැහැදිලි කිරීමට මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව අද (06) මහනුවරදී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන් වහන්සේ මේ බව සදහන් කළහ.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ පෙන්වා දුන්නේ ඇතැම් මාධ්‍ය ආයතන වගකීමෙන් කටයුතු කළත් මාධ්‍ය ආයතන කිහිපයක් මෙවැනි ලේ වැගිරීම් අපේක්ෂාවෙන් කටයුතු කරන බවයි. එබැවින් මෙවැනි කඩා කප්පල්කාරී ක්‍රියාවන්ට හසු නොවී සාමකාමී වන ලෙස සියළු ජනයාගෙන් ඉල්ලා සිටින බවද උන් වහන්සේ පැවසූහ.

    මෙහිදී අදහස් දැක්වූ කුරුණෑගල සම්මාන රදගුරු කුමාර ඉලංගසිංහ පියතුමා අදහස් පළ කරමින් පෙන්වා දුන්නේ මෙවැනි ප්‍රචන්ඩකාරී ක්‍රියාවන් රටට අහිතකර බවත්, සෑම අයෙක්ම විචාරශීලිව කටයුතු කළ යුතු බවත් එසේ නොවුනහොත් රටම විනාශයට පත්විය හැකි බවත් පෙන්වා දුන්නේය. මේ පිළිබද කළ සොයා බැලීම් වලදී මෙම සිද්ධිය පිටුපස බලවත් හස්තයක් ඇති බව අනාවරණය වී ඇති බවද පෙන්වා දුන් පියතුමන් ප්‍රචන්ඩකාරී ලෙස කටයුතු කිරීමෙන් කිසිදු ප්‍රශ්නයකට විසදුම් සෙවිය නොහැකි බවත් පෙන්වා දෙන ලදී.

    මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා පූජ්‍ය අඹන්වල ජිනෝදය හිමි, පූජ්‍ය තල්පොත ධම්මජෝති යන ස්වාමීන් වහන්සේලා සහ මහනුවර ක්‍රිස්තුදේවස්ථානභාර ජෝන් පේරානන්ද පියතුමා සහ මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික
    කමිටුවේ කැදවුම්කරු ගාමිණි ජයවීර මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.  

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya