අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන සංවර්ධනයට සංස්කෘතිය ආශිර්වාදයක්...

    මාර්තු 27, 2018

    චීනය ගැන මේ කියන කතාව , චීනයට වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකාව වැනි රටකටයි. මක් නිසාද යත් චීනය මෙන්ම ශ්‍රීලංකාව ද සංස්කෘය ඉහලින්ම අගය කරන රටකි. සංස්කෘතියේ අගයන් වටහා ගැනීම තුල මිනිසුන් තුළ  ඇතිවන හික්මීම සංවර්ධනයට සෘජුවම බලපාන බව චීන අධ්‍යාපනඥයින් නිතර සදහන් කර සිටී.

    එරට විද්වතුන්ට අනුව දේශපාලනය , ආර්ථිකය වැනි රටක බල සාධකවල සාර්ථකත්වය සම්පුර්ණයෙන්ම රැදී පවතින්නේ අවේණික සාම්ප්‍රදායික සංස්කෘතිය තුළ, කෙටියෙන්ම කියත හොත් සම්ප්‍රදාය තුල හිද අලුතින් සිතීම චීන සංවර්ධනයේ පදනම වී තිබේ. මාඕ සේතුං විසින් සංවර්ධනය සදහා ජනතාවගෙන් තොරතුරු රැස් කිරීමේ දී වැඩිම ජනගහනය සිටින රට වුවත් නවීන මාධ්‍ය භාවිත නොකර තොරතුර රැස් කිරීම තුළම එය තහවුරු කරගත හැකියි.

    බොහෝ විප්ලව මැද ගොඩනගා ගත් චීන කොමියුනිස්ට් පක්ෂය ලෝකයේ වැඩිම සාමාජික පිරිසක් සිටින දේශපාලන පක්ෂයයි. එයට 2021 වසර වන විට ශත වර්ෂයක් සපිරේ. එම නිසා එම පක්ෂයට ද සංස්කෘතියක් ගොඩනැගී තිබේ. එදා මෙදා තුර එම පක්ෂය ගොඩනැගූ මතවාද එරට පොදු අගයන් බවට පත්ව ඇත්තේ බොහෝ කලෙක සිටයි. එම නිසා වත්මන් චීන නායක “ ෂි ජිං පිං ,, විසින් ප්‍රකාශ කරන අන්දමට ම කොමියුනිස්ට් පක්ෂය යනු දැන් එරටට මහා දර්ශනයකි. චීන සමාජවාදී ක්‍රමය , චීනයේ පරම පැවතුම් රටාවයි.


    දැන් චීනයේ සංවර්ධන රටාව , ෂි ජිං පිං රටාව බවට පත්ව ඇත. එරට සංස්කෘතියට එකතු වූ චීන කොමියුනිස්ට් පක්ෂය මාඕ සේතුං වාදය ඇතුළත් එකක් යැයි කීම ඉතා පහසුය. මන්ද එය තුළ ඇත්තේ චීනයට ම අවේණික දේශපාලන රටාවකි. නිෂ්පාදන , ජනතා ස්වභාවයන් හා උසස් සංස්කෘතිය යන සාධක සමග බැදුණු පක්ෂයක් ලෙස චීන කොමියුනිස්ට් පක්ෂය හැදින්විය හැකියි. එම නිසා වර්තමානයේ චීන සමස්ත සංස්කෘතිය එතී පවතින්නේ , එරට දේශපාලන පක්ෂය සමගය. එම දේශපාලන පක්ෂය තුල සිටින නායකයින් වැඩි වශයෙන් කතාකරන්නේ සංස්කෘතිය පිළිබඳවය.

    මෙයින් දේශපාලනය හා සංස්කෘතිය අතර සම්බන්ධය මනාව හෙළි වේ. 2011 වසරේ දී ෂි ජිං පිං මහතා කරන ලද කතාවක දී පහත අදහස මතුව තිබේ. “ස්ථිරවම අපිට අපේ , සාම්ප්‍රදායික සංස්කෘතිය අතහරින්නට බැහැ. අපි එය උත්තම ලෙස පරිහරණය කළ යුතුයි.එය අපේ ජාතියේ නිධානය හා ප්‍රාණයයි. ඒ දෙක අතහැරියොත් අපි පරදිනවා. ,, වැඩිම ජන පිරිස සිටින , සුළු ජන කණ්ඩායම් 55 ක් පමණ පවතින චීනය තුල විශාල සංස්කෘතික විවිධත්වයක් පවතී. එහෙත් එහි කිසිදු විටෙක වාර්ගික ගැටුම් මතු නොවේ. ඊට හේතුව එකිනෙකා තම තමන්ගේ සංස්කෘතිය නිදහසේ බුක්ති විදීමයි. එමෙන්ම ඔවුන් සංවර්ධනයට ද හැකි උපරිමයෙන් දායක වේ.

    ෂී ජිං පිං ප්‍රකාශ කළ පරිදි සංස්කෘතිය යනු ජාතියේ ප්‍රාණය නම් , එම ප්‍රාණය සදහා එරට සියලුම ජනකණ්ඩායම් සහය දක්වා තිබේ. සෑම විශේෂ කටයුත්තකදී ම එම ජනකණ්ඩයම් වලට ද හැකි පමණ ඉඩකඩ වෙන්කිරීම සිදුකරන්නේ ඒ නිසයි. චීන ජනතාව වැඩි වශයෙන් අදහන කොන්ෆියුසියස් දහමද , බුදු දහම ද මතුකරමින් ප්‍රකාශ කරන ප්‍රධාන කරුණක් වන්නේ , චීන සංස්කෘතියේ ජාන ශක්තිය මුළුමනින්ම රැදී පවතින්නේ සාම්ප්‍රදායික සංස්කෘතික පරිසරය තුල බවයි. 2014 සැප්තැම්බර් මස 24 වනදා පැවැති කොමිෆියුසියස්තුමාගේ 2565 වන උපන්දින සැමරුමේ දී ෂී ජිං පිං මහතා කියා සිටියේ විශ්වාසි ප්‍රතිපත්තියක් ලෙස චීන සම්ප්‍රදායික සංස්කෘතිය අනුගමනය කරන බවයි.

    චීනයට ගෝලීය ආර්ථික දායකත්ය ඉහළින්ම සපයන්නට හැකිව තිබේ. විශේෂයෙන්ම චීන ලක්ෂණ සහිත වූත්  , විවෘත වූත් , නවීන වූත් , විශ්වීය වුත් පාලන සම්ප්‍රදායක් පවත්වා ගැනීම ඊට හේතු වී තිබේ. එහෙත් ඒ සියල්ල සිදුවන්නේ සංස්කෘතියට මුල්තැන දෙමිනි. ශ්‍රී ලංකාවේ බුදු දහම ප්‍රමුඛ සියලු ආගම් වල සංවර්ධනාත්මක සංස්කෘතියක් තිබේ. ඒ සංස්කෘතික රටා මනාව උකහා ගැනීමෙනුත් , ආගම් වලට පරිබාහිර සමාජ සංස්කෘතික රටා පරිශීලනයෙනුත් අවේණිකත්වය රැකෙන මනා සංවර්ධනයකට යාමට ශ්‍රීලංකාවට ද හැකියාව තිබේ.

    ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර
    චීනයේ බිජිං නුවර සිට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya