මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වඳබව හෝ මඳසරු බව ඇති කළ හැකි කිසිදු පෙත්තක් ලෝකයේ කිසිදු තැනක නැහැ - දිවයිනේ ජ්‍යේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරු අවධාරණය කරති

    මාර්තු 15, 2018

     

    dr 2පුරුෂයකුගේ හෝ කාන්තාවකගේ වඳබව හෝ මඳසරු බව ඇති කළ හැකි කිසිදු පෙත්තක් දැනට ලෝකයේ කිසිම තැනක නැතැයි දිවයිනේ ජ්‍යේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කරති.

     

    එසේම කිසියම් ජන කණ්ඩායමක් හෝ ජන වර්ගයක සරු බවට සැළකිය යුතු බලපෑමක් ඇති කළ හැකි ඖෂධ බටහිර වෛද්‍ය විද්‍යාවේ නොමැති අතර එසේ කළ බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක්ද නෙහැකි බවද ඔවුන් අවධාරණය කර සිටියේ, කොළඹ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ අද (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

    මෙහිදී අදහස් දැක් වූ කායික විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා , බටහිර වෛද්‍ය විද්‍යාවේ මූල ධර්ම අනුව මඳසරුභාවය හෙවත් වඳ බව ඇති කරන පෙත්තක් නිපදවිය නොහැකි බව කීය.

    වඳ බව ඇති කළ හැකි ඖෂධ නිපදවීම  බටහිර වෛද්‍ය විද්‍යාවේ නොයෙකුත් පර්යේෂණ සිදු කොට ඇති නමුත් ඒවා අසාර්ථක වී ඇත. දැනට නිපදවා ඇත්තේ තාවකාලික ගැබ් තැනීම වළක්වන උපත් පාලන පෙති පමණකි. එම පෙති නොකඩවා පාවිච්චි කළ යුතු අතර අතර මගදී පෙති ගැනීමෙන් එක් පෙත්තක් හෝ මග හැරුනොත් පිළිසිද ගැනීමේ ඉඩ තිබේ.

    එබැවින් නිසරු බව ඇති කළ හැකි වඳ පෙති තිබෙන බවට පළ වී ඇති මිත්‍යා මත සියලුම වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

    විශේෂඥ වෛද්‍යවරුන් ඇතැම් වෛද්‍යවරුන් 143 දෙනෙකු විසින් මේ පිළිබඳව නිකුත් කරන ලද ප්‍රකාශයක්ද මෙහිදී කියවනු ලැබීය.

    එම ප්‍රකාශය මෙසේ ය.

    ''අපි ශ්‍රී ලංකාවෙහි සෞඛ්‍ය සේවයෙහි නියුතු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු පිරිසක් වෙමු. ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරිමෙන් වඳ භාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජය තුළ ඇතිව තිබෙන හෙයින් එ ගැන සත්‍ය තත්වය පැහැදිළි කිරීම අපේ යුතුකමක් බව අපි සිතමු. මේ මතය විද්‍යාත්මක වශයෙන් කිසිදු පදනමක් නැති අසත්‍ය ප්‍රකාශයක් බව අපි වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු. ඖෂධ පෙති, කුඩු හෝ එන්නත් මඟින් කණ්ඩායමක් හෝ ජනවර්ගයක් වඳ බවට පත් කිරීම ප්‍රායෝගිකව කෙසේවත් කළ නොහැකි බවද අවධාරණය කරමු.

    ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම සරු බවට එනම් දරු ගැබක් පිහිටීමට බලපාන කරුණු රාශියක් තිබේ. පුරුෂකෙු ගේ සරු බව සඳහා ඔහුගේ ශ්‍රක්‍රාණුවල නිසි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය මෙන්ම ඒවා ප්‍රශස්ත සංඛ්‍යාවේන් ශ්‍රක්‍ර තලරයේ තිබීම අත්‍යාවශ්‍ය වේ.

    මේවායින් තරමක හෝ අඩුවක් ඇති අවස්ථාවකදී පුරුෂයකු හට කාන්තාවක් ගැබි ගැන්වීමට ඇති හැකියාව අඩු වේ. මෙය මඳසරුබව යනුවෙන් හඳුන්වනු ලබන අතර කලාතුරකින් එය දරුපල නොමැති එනම් වඳ තත්වයක් දක්වා වර්ධනය විය හැක. මෙවැනිම කරුණු ස්ත්‍රියකගේ සරු බවටද බලපායි. දැනට පාවිච්චිය සඳහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ පාවිච්චිය සඳහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබ් ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණි. පුරුෂයකුගේ තාවකාලික වඳබවක් ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැත.

     

    ඇතැම් රෝගවලට දීර්ඝකාලීනව භාවිතා කරන ඖෂධ හේතුවෙන් මඳසරු බව ඇති වීමට ඉඩක් තිබුණ ද එම ඖෂධ තනි මාත්‍රවක් හෝ මාත්‍රා කීපයක් පාවිච්චියෙන් එවන් තත්ත්වයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැත. ඖෂධ මඟින් ඇතිවන මඳ සරුබව එම ඖෂධ භාවිතය නැවැත්වූ විට යථා තත්ත්වයට පත් වේ. මේ ඖෂධ ලබාගැනීම  සඳහා ලියාපදිංචි බටහිර වෛද්‍යවරයකුගේ බෙහෙත් වට්ටොරුවක් ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය වේ.

    සැකෙවින් කිවහොත් කිසියම් ජන කණ්ඩායමක හෝ ජනවර්ගයක සරුබවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ  හැකි ඖෂධ බටහිර වෛද්‍ය විද්‍යාවේ නොමැති අතර එසේ කළ බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක්ද නොමති බවද අපි අවධරණය කරමු.

     

    කායික රෝග විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක, ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය චන්ද්‍රකා විජේරත්න, රක්තවේද හා පුනරුත්ථාපන විශේෂඥ වෛද්‍ය ලලිත් විජේරත්න, විශේෂඥ වෛද්‍ය හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පණ්ඩුක කරුණානයක, ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක් කුමාර් ප්‍රනාන්දු, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය යු. ඩී. පී. රත්නසිරි, ඖෂධ විද්‍යාව පිළබද මහාචාර්ය චාන්දනී වනිගතුංග, ළමා රෝග විශේෂඡ වෛද්‍ය හා ඖෂධ  විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශලිනි ශ්‍රී රංගනාදන්, කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, හෘද රෝග විශේෂඥ වෛද්‍ය නියොමලී අමරසේන සහා මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු, ප්‍රජාවෛද්‍ය විශේෂඥ ජානකී විදානපතිරණ යන මහත්ම මහත්මීන් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අඳහස් දැක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya