අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනවාරි මාසයේ දී උද්ධමනය පහලට

    පෙබරවාරි 22, 2018
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 දෙසැම්බර් මාසයේ පැවැති 7.3%ට සාපේක්ෂව 2018 ජනවාරි මාසයේ දී 5.4%ක් දක්වා පහළ ගොස් ඇත.
     
    2017 ජනවාරි මාසයේ දී පැවැති ඉහළ පදනම් අගය මෙන්ම 2018 ජනවාරි මාසයේ දී ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යාම හේතූවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ 7.7%හි සිට 2018 ජනවාරි මාසයේ දී 7.6%ක් දක්වා පහළ ගොස් ඇත.
     
    වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2017 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ 4.9%හි සිට 2018 ජනවාරි මාසයේ දී 4.5%ක් දක්වා පහළ ගොස් ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya