මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැලි පිහියෙන් කිරි කෑම හෙවත් ඩිජිටල් තාක්ෂණ හා පාරිභෝගික ආරක්ෂණය

    මාර්තු 24, 2018

    නුතන සන්නිවේදන තාක්ෂණයේ සිදු වි ඇති සිඝ්‍ර වර්ධනය හේතුවෙන් ගෝලිය ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් කරා පරිවර්තනය වෙමින් පවතින අතර ,එය සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවත්නා රටවල ආර්ථික,දේශපාලන, සාමාජීය යන අංශ වල ගමන් මඟ වඩාත් කාර්යක්ෂම සේම ඵලදායිවීමට හේතු වී ඇත.

    මෙවැනි පසුබිමක් තුළ පාරිභෝගික ජාත්‍යන්තරය විසින් 2018 වසරේ ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දින තේමාව ලෙසින් සාධාරණ ඩිජිටල් වෙළඳපොළක් (Marking Digital market Places Farer) ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

    මෙහි අරමුණ මෙම තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයා ලබා ගන්නා විවිධ සේවාවන් වඩා විස්වාසදායි බවට පත් කර ගැනිමයි. ඩිජිටල්කරණය සහ අන්තර්ජාලයට පිවිසිමේ හැකියාව වර්ධනය හේතුවෙන් ‍,1995 වර්ෂයේ ලෝක ජනගහනයෙන් 1%ක් පමණ වු අන්තර්ජාල භාවිතය වර්තමානයේ දි 49%ක ප්‍රමාණයක් දක්වා වර්ධනය වි ඇත. එය ආසියාවේ ජනගහනයෙන් 55.2% කි. මෙම සිඝ්‍ර වර්ධනය හේතුවෙන් දේශසිමා ඉක්මවා සීඝ්‍රයෙන් වෙළඳපොළ පුළුල් වීම, ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් නවෝත්පාදන ක්‍රම ඇරඹිම නව රැකියා අවස්ථා බිහිවිම යන කේෂ්ත්‍ර වල වැඩි දියුණුවක් ඇති වි තිබේ.

    ඩිජිටල් තාක්ෂණය ආර්ථිකය තුළ තරඟකාරිත්වයක් ඇති විමට හේතු වන අතර ශ්‍රි ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට ඩිජිටල් තාක්ෂණය නිසිලෙස ප්‍රයෝජනයට ගත යුතු සේම එහි ගුණාත්මකභාවය පිළිබඳ අවධානය යොමු කල යුතු වෙනවා.අන්තර්ජාතික විදුලි සංදේශ ඒකකය (ITU) සංඛ්‍යාලේඛන මඟින් පෙන්වා දෙන පරිදි, ශ්‍රි ලංකාවේ   ජනගහනයෙන් 33.5%ක් අන්තර්ජාල භාවිතා කරන අතර වයස අවුරුදු 25-34 ත් අතර වයස් කාණ්ඩය ඒ අතර ඉහළ තැනක් ගනි. එමෙන් ම එහි තවදුරටත් ශ්‍රි ලංකාවේ ජංගම දුරකතන භාවිතය සාමාන්‍ය භාවිතයට වඩා ඉහළ අගයක් ගන්නා බව ද පෙන්වා දෙයි.

    වත්මන් තරඟකාරී වෙළඳපොළ තුළ සියලු අන්තර් ජාල සේවා සපයන්නන් පාරිභෝගිකයන් හට වඩාත් විස්වාසදායි ඩිජිටල් සේවාවක් ලබා දිමට කටයුතු කරමින් සිටින නමුත් ශ්‍රි ලංකාව තුළ e -commerce සම්බන්ධයෙන් දැනට පවත්නා නිති රෙගුලාසි දුර්වල විම සහ ඒ සම්බන්ධව හොඳින් ක්‍රියාත්මක වන නියාමන රාමුවක් නොතිබිම පාරිභෝගිකයන් හා සේවා සපයන්නන් මුහුණපාන ගැටලුවකි.එබැවින් e -commerce ප්‍රවර්ධනයේ දි සියලු පාර්ශවයන්ගේ ආරක්ෂාව තකා හොඳින් ක්‍රියාත්මක වන නිතිමය රාමුවක් බිහි කිරිම කාලින අවශ්‍යතාවයක් වි ඇත.

    මේ සම්න්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරි හා ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය එක් ව ශ්‍රි ලංකාවේ පැවැති වැඩමුළුවේ දි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා "ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් දිනය" නිමිත්තෙන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ

    "සෑම වසරකම මාර්තු 15 වැනිදාට ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය යෙදී තිබුණි. එහි මෙවර තේමාව වන්නේ "සාධාරණ ඩිජිටල් වෙළෙඳපොළක් හදමු" යන්නයි. අද මුළු ලෝකයම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය (ICT - Information, Communication Technology ) ) නිසා වෙනස් වෙමින් පවතින යුගයක, එහි බලපෑම වෙළෙඳ, වාණිජ, ආහාර හා කර්මාන්ත ක්‍ෂේත්‍රයටත් ප්‍රබල ලෙස බලපා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද අපගේ කර්මාන්ත හා වෙළෙඳපොළ ඩිජිටල්කරණය වෙමින් පවතිනවා. එහි බලපෑම නිසාම මිනිස් ක්‍රියාකාරකම් අභිබවමින් තාක්‍ෂණය මතුවීමට පටන්ගෙන තිබෙනවා.

    එම නිසාම පාරිභෝගික අයිතිවාසිකම්සු රැකීමටත්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනවල ප්‍රමිතිය ඉහළ මට්ටමින් සුරක්‍ෂිත කිරීමටත්, මෙම ඩිජිටල්කරණය වන වෙළෙඳපොළ සාධාරණ වෙළෙඳපොළක් බවට පත් කිරීමේ වගකීම අද අපට පැවරී තිබෙනවා. මේ නිසාම අපේ රටේ පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමටත්, ඩිජිටල්කරණය වෙමින් පවතින අපගේ වෙළෙදපොළ සාධාරණ වෙළෙඳපොළක් බවට පත් කිරීමේත් වගකීම පැවරෙන්නේ අපේ රටේ පාරිභෝගික අයිතීන් හා වෙළෙඳ පොළ භාණ්ඩ මිළ හා ප්‍රමිතිය නියාමනය කරන ශ්‍රි ලංකා පාරිභෝගික කටයුතු අධිකාරියට පැවරෙන බවයි. ගෙවී ගිය 2017 වසර තුළදී පාරිභෝගිකයා සූරා කමින්, අසාධාරණ ලෙස වෙළෙඳාම් කරන වෙළෙද වැටලීම් 25,708 ක් කරලා තියෙනවා. එය 2016 වසර සමඟ සංසන්දනය කරන විට සියයට 17.5% ක පමණ වැඩි වීමක් වෙනවා. ඒ අනුව නඩු පවරා දඩ මුදල් ලෙස රුපියල් කෝටි 9.82 ක් රජයට අයකර දී තියෙනවා. අප අපේක්‍ෂා කරන්නේ පාරිභෝගිකයා සුරකිමින්, භාණ්ඩ හා සේවාවල ප්‍රමිතිය ඉහළ නංවමින්, වෙළෙද ව්‍යාපාරිකයින් යහපත් ආචාරධර්ම පිළිවෙතකට යොමු කරන සාධාරණ වෙළෙඳපොළක් පාරිභෝගික ජනතාව වෙනුවෙන් බිහි කර දීමටයි.

     

     

    - ලලන්ති

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya