විනාශ වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යහපාලන මූලධර්ම නැවත ස්ථාපිත කිරීමට මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කිරීමට සිදු වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අයවැය 2016 පිළිතුරු කතාව කරමින් අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කිරීමට සමත්වූ අයවැයක්. රාජ්‍ය ආදායම් වැඩි කර නිෂ්පාදන ක්ෂේත්රයන් වැඩි කර ඉදිරියට යා යුතු යැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.
තරුණ ජවය අපේ අනාගතයයි. එයින් ප්‍රයෝජන ගතහොත් ඉදිරි පිම්මක් තැබීමට අපට හැකිවෙනවා යැයි ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.
අයවැය ලේඛනයේ යෝජනා සංශෝධනය කළේ නොහැකියාව නිසා නොව ප්රජාතන්ත්රවාදයට සහ මහජන මතයට ගරු කිරීමක් ලෙස බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකශ කරයි.