මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන මතයට ගරු කිරීමක් ලෙස අයවැය යෝජනා සංශෝධනය කළා

    දෙසැම්බර් 19, 2015

    අයවැය ලේඛනයේ යෝජනා සංශෝධනය කළේ නොහැකියාව නිසා නොව ප්‍රජාතන්ත්‍රවාදයට සහ මහජන මතයට ගරු කිරීමක් ලෙස බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකශ කරයි.

    විසර්ජන පනත් කෙටුම්පත 2016 කාරක සභා අවස්ථාවේ විවදයට අඳහස් දක්වමින් අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

    අග්‍රාමාත්‍යතුමා සියලු කාරණාවලට ඇහුම්කම් දීලා ඒ සඳහා සංශෝධන ඉදිරිපත් කළා.මෙය මුදල් ඇමැතිතුමාගේ අයවැයක් ද අගමතිතුමාගේ අයවැයක් ද කියලා,විපක්ෂයේ අඳහසක් තිබෙනවා.මේක කාගෙවත් අයවැයක් නොවේ.මෙය රටේ අයවැයයි.

     

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවටයි මූල්‍ය පාලනයේ බලය තිබෙන්නේ.ඉදිරිපත් කළ අයවැය ගැන අපි විවේචනය කළා, අපි කළේ, අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම මතයි.ඒ විවේචනය හරහා සැබෑ අපේක්ෂාව ඉටු කිරීමේ ක්‍රමවේදය සළකා බලලා අයවැය ලේඛනයේ යෝජනා සංශෝධනය කලා. එය නොහැකි යාව නොවේ එය ප්‍රජාතන්ත්‍රවාදයයි. එය මහජන මතයට ගරු කිරීමයි.

     

    කවුද කියන්නේ බෑ කියලා.18 සංශොධනය කරල එකාධිපතියෙක්ටවත් නැති බලතල හදලා ගොඩනැගූ බලය අපි පෙරළුවේ නැද්ද?19 සංශෝධනය කරලා, අපි මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 215ක් අරගෙන විශාල විප්ලවයක් කළා.විධායක ජනාධිපති ක්‍රමය තුළ එකාධිපති වීමේ ක්‍රමය අපි නවත්වා තිබෙනවා.ස්වාධීන කොමිෂන් සභා හදලා තිබෙනවා. අධිකරණය ස්වාධීන කරලා තිබෙනවා. ඕනෑම අභියෝගයක් බාර ගන්න සූදානම් ආණ්ඩුවක් බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya