මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ ජවය අපේ අනාගතයයි-රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා

    දෙසැම්බර් 19, 2015

    තරුණ ජවය අපේ අනාගතයයි. එයින් ප්‍රයෝජන ගතහොත් ඉදිරි පිම්මක් තැබීමට අපට හැකිවෙනවා යැයි ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.

    ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වැයශීර්ෂයේ අඳහස් දක්වමින් රාජ්‍ය අමත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ
    බව පැවසී ය.

    නිදහසින් පසු විවිධ ප්‍රතිපත්ති තුළින් ඉදිරියට යාමට කටයුතු කර තිබේ. එහි අඩුපාඩු තුළින් අභියෝග ගණනාවකට මුහුණ දී ඇත.
    පැවති රජයවල් මැතිවරණ සිතියම අනුව ප්‍රතිපත්ත සකස් කිරීමේදී සිදු වූ විපත ගැන කිවයුතු නොවේ.

    රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යාමේදී වංචා සහ දූෂණ නැති නොකිරීම තුළින් පරිපාලනයට හා දේශපාලනයට නුසුදුසු අය එකතු
    වුණා. පැවැති ක්‍රමය වෙනස් කිරීමට ජනවාරි 08 වැනිදා ජනතාව තීරණයක් ගත්තා.

    එක්සත් ජාතික පක්ෂය ශ්‍රීලනිපය හා තවත් පක්ෂ ඉදිරියට යාමට එකතු වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අගමැති
    රනිල් වික්‍රමසිංහ මහතා එකතු වී ජතික ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබෙනවා.

    පසුගිය කාලයේ සිදු වූ වැරැදි හඳුනාගෙන එතනින් තරුණ පරපුර හැඩගැස්විය යුතුයි. තරුණ ජවය අපේ අනාගතයයි. එයින් ප්‍රයෝජන
    ගතහොත් ඉදිරි පිම්මක් තැබීමට අපට හැකිවෙනවා. එයින් ප්‍රායෝජන නොගැනීමනේ තරුණ අසහනය ඇති වුණා. එදා රනිල්
    වික්‍රමසිංහ මහතා විවිධ ආයතන මඟිනස් තරුණ ජයව නිසිමඟට ගැනීමට පියවර ගත්තා. යොවුන් සේනා මනාව සංවිධාන කර රැකියා
    පොළට සුදුස්සන් බිහිකිරමට මෙවර අයවැය මඟින් අප විශාල මුදලක් වෙන් කර තිබෙනවා.

    1977දී අප හඳුන්වාදුන් විවෘත ආර්ථිකය තුළින් අපට ලෝකයේ වෙනත් රටවල් අභිබවා යමාට හැකි ක්‍රමවේදයක් හඳුන්වාදුන්නා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya