ඒ අනුව, අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟ සහ එහි අතු ගංඟාවන් පිටාර මට්ටමට පැමිණ ඇති බැවින්, ඇතිවී ඇති ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් තුනක් (03) ජිවිතාරක්‍ෂක උපකරණ සමඟ ස්ථානගත කෙරිණි.
එම සහන කණ්ඩායම්, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් ළමුන් පිරිසක් වෙත සහ ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා නාවික හමුදා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම අද (25)උදෑසන සිදු කෙරිණි.
තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති විය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් එකසිය තිස්හතරක් (134) සූදානමින් තබා ඇත.