නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංගා ආශ්‍රිත ජනතාව දැඩි අවධානයෙන් පසුවන්න

    නොවැම්බර් 25, 2024

    බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් එහි බලපෑම මත ඊසාන දිග සහ උතුරු පළාත්වලට අද රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපයේ අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බවත් ,මේ හේතුවෙන් ගංගා ද්‍රෝණි 10ක ගංවතුර අවදානම තවදුරටත් ඉහළ යා හැකි බව  වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා පවසයි.

    ගංගා ද්‍රෝණි 10ක ගංවතුර අවදානම තවදුරටත් පවතින බැවින් ඒ ආශ්‍රිත පදිංචිකරුවන් දැඩි අවදානයෙන් සිටින ලෙස  ඒ මහතා වැඩිදුරටත් පවසයි.

    මේ සම්බන්ධයෙන් අනතුරු නිවේදන නිකුත් කර ඇතිබවත්, එබැවින් එම ගංගා ද්‍රෝණිවල ගංවතුර නිම්නවල පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන ලෙස  වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

    උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමව්පියන්ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසු වන්නැයි ඒ මහතා විශේෂයෙන් සඳහන් කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya