මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිපත්තිමය වෙනසක් ‍ඇති කිරීමට සමත්වූ අයවැයක්-මුදල් රාජ්‍ය ඇමැති

    දෙසැම්බර් 19, 2015

    ප්‍රතිපත්තිමය වෙනසක් ‍ඇති කිරීමට සමත්වූ අයවැයක්. රාජ්‍ය ආදායම් වැඩි කර නිෂ්පාදන ක්ෂේත්‍රයන් වැඩි කර ඉදිරියට යා යුතු යැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,අයවැය කාරක සභ අවස්ථාවේ දී මුදල් අමාත්‍යාංශය වැය
    ශීර්ෂය විවාදයට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේ ය.


    නොවැම්බර් 20න් පසු අප සියළු පාර්ශවයන් සමඟ අයවැය පිළිබඳ කතා කළා. ප්‍රතිපත්තිමය වෙනසක් ‍ඇති කිරීමට සමත්වූ අයවැයක්.
    නිෂ්පාදන සහ අපනයනය වැඩි නොකර ආර්ථිකය ඉදිරියට ගෙනයාමට හැකියාවක් නැහැ. අපට කඩිනම් සහන සැලීමට
    හැකියක් නැහැ. පසුගිය රජය ඒවා දුන්නේ ඡන්දය ළං වූ විටයි. ඒවායේ ප්‍රතිඵලවලට මුහුණ දීමට අද සිදුව තිබෙනවා.

     

    වෙනස තමයි අයවැය සමජය තුළ කථිකාවක් ඇති වුණා.ඒ කථිකාවක් කළ අංශ කෙරෙහි රජයේ අවධානය යොමු කළා.මහජන
    මතයට ගරු කරමින් විශාල සංශෝධ කීපයක් දකින්නට පුළුවන් වෙයි.

     

    අයවැයකින් සියළු පාර්ශවයන් සතුටු කරන්න බෑ.මේ පාර්ලිමේන්තුව ජාතික ප්‍රතිපත්ති ගන්න ඉන්න මන්ත්‍රීවරු ඔලුව දෙස බලන්න ඕන.
    අපි රාජ්‍ය ආදායම් වැඩි කරගෙන නිෂ්පාදන ක්ෂේත්‍රයන් වැඩි කරගෙන ඉදිරියට යා යුතුයි.

     

    ආදායම් තත්ත්වය පහත වැටී විශාල අර්බුදයකට මුහුණදීමට සිදුවෙනවා. අපි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍රයක් පිහිටුවනවා.
    රටේ සල්ලි තිබෙන්නේ සියයට 20යි. සියයට 80 පිටරට මුදල්. රජය සමඟ සටන් කර ලබා ගන්නා සහනාධාරවල විපාක ගෙවන්න සිදු
    වන්නේ ඔවුන්ගේ දරුවන්ටයි. සම්මුතිවාදී ආණ්ඩුවක් ගෙනයන වේලාවක මේ තීන්දු තීරණ නොගත්තොත් අපට ඉදිරිය ගෙනයාමට හැකියාවක් නැහැ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya