මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විනාශ වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යහපාලන මූලධර්ම නැවත ස්ථාපිත කිරීමට අයවැයෙන් විශාල මුදලක් වෙන් කළා

    දෙසැම්බර් 19, 2015

    විනාශ වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යහපාලන මූලධර්ම නැවත ස්ථාපිත කිරීමට මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කිරීමට සිදු වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අයවැය 2016 පිළිතුරු කතාව කරමින් අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    වැඩිදුරටත් අඳහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා;

    ඉදිරිපත් කර තිබෙන අයවැය ඉතාම නම්‍ය ශීලීයි.පසුගිය රජය මාර්ග සංවර්ධනය කළා කියනවා.අපගේ රජයේ මහමාර්ගවල හිඟ මුදල්
    ගෙවන්න සිදු වුණා.සංදර්ශනවල ගෙවන්න තියෙන්නේ අපේ රජයටයි.

     

    ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින් මේ අයවැයේ සංශෝධන ගෙන ආවා. අයවැය තුළින් සාධණීය තත්ත්වයත් ප්‍රජාතන්ත්‍රවාදයත් පිළිගත්තා.
    පාර්ලිමේන්තුවේ අඳහස් දැක්වීමෙන් අයවැයට පුළුල් අවධානයක් ඇති වුණා.මෙම අයවැය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනයක්.

     

    ගොවියන්සේ ඇවිත් වර්ජනය කළා. ආදායම් වැඩි කිරීමට නිශ්චිත පියවර ගත යුතුයි. ඒ සඳහා ජනාධිපති කොමිෂමක් පත් කරනවා.අපිට සිදු වුණේ කොටස් වශයෙන් කඩා වැටුණු ආර්ථිකයක් නැවත වර්ධනය කරන්නයි.

     

    වෘත්තීය සමිති ඉල්ලීම් කීපයක් පිළිබඳව සළකා බලා, අපි සංශෝධන කීපයක් කරනවා. ග්‍රාමීය අර්ථිකය ගමට යාමට මේ අයවැයෙන්
    යෝජන කර තිබෙනවා.විනාශ වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යහපාලන මූලධර්ම නැවත ස්ථාපිත කිරීමට ම්‍රවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කිරීමට සිදු වුණා.


    පොහොර සහනාධාරය සහ පාසල් නිල ඇදුම් කැපුවා කිව්වා. අපි කළේ ඒ වරප්‍රසාද සෘජුව ලබීමට සැලැස්වීමයි.දැන් වංගු නෑ.මෙවර
    අයවැයෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල මුදලක් වෙන් කළා.


    පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරනවා. වී වගවට අමතරව පළතුරු භෝග තුනක් සඳහා ද ලබාදීමට කටයුතු කරනවා.
    රාජ්‍ය සේවකයන්ට ලැබුණු රුපියල් 1000 දීමනාව අදියර තුනකින් මූලික වැටුපට එක් කිරීමට කටයුතු කරනවා.පෞද්ගලික අංශයට රුපියල් 2500ක් ජනවාරි මස වැටුපට එකතු කරනවා.තිරසාර ආර්ථික රටාවකට යන්නේ.හිතුමතේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ.

     

    යම් අය ප්‍රශ්න කර තිබ්බා, අපේ ආදායම අධිතක්සේරුවක් තිබෙනවා.අප පදනම් කර තිබෙන්නේ ආදායම රේගුවෙ, ආදායම් බදු
    දෙපර්තමේන්තුවෙන්.2015 සුවිශේෂී වෙනසක් කළමනාකරණයේ ඇති වී තිබෙනවා.ආදායම වැඩි වෙන මාර්ග අපි ඇති කර
    තිබෙනවා.අප ශක්තිය භාවිත කරලා,අප අයවැයක් ඉදිරිපත් කළේ.අපේ පුනරාවර්ථන වියදම ප්‍රථම වරට ආදායමෙන් පියවා
    තිබෙනවා.සම්පූර්ණ අයවැය 5.9% ප්‍රාග්ධන වියදම් ලෙසයි.

    මෙතෙක් දුර දැක්ක දේශපාලන සංස්කෘතියෙන් බැහැර ඉතා නම්‍යශීලීව අලුත් ගමනක් ආරම්භ කර තිබෙනවා.ලෝකය ඉතාම
    අමාරුවෙන් ගමන් කරනවා. ආර්ථික අවපාතයක් සිදු වෙනවා.පහුගිය ආණ්ඩුව ගොඩක් රටවල් තරහ කරගෙන සිටියා. අපි
    චීනය සමඟ තරහ වෙලා කිව්වා. එය අසත්‍යයක්.

     

    අපි ආර්ථිකය විජාතිකකරණයක් කරනව, කියනවා. සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකය සවිශක්තිමත් කරන වැඩපිළිවෙළක්.  විපක්ෂයේ කොටසක් කරන ශබ්ද කිරීමට ඇහුම්කම් දෙනවා.

     

    2016 අලුත් ආර්ථික ගමනක් යමු.අපේ ජනාධිපතිතුමා හා ගමැතිතුමා කියන ලෙස පාර්ලිමේන්තුව සංවර්ධන ගමනකට යොදා ගනිමු.
    නොගෙවපු බිල් ගෙවන්න වෙලා.මේවා පෙන්වා දී තිබෙනවා.උතුරේ මාර්ග ,උතුරේ ලුණු ,සිමෙන්ති, කඩදාසි,කර්මාන්තශාලා,ඉදිකිරීමට
    කටයුතු කරනවා.දැන් අභියෝගය තිබෙන්නේ ඔබට. මහජනතාවගේ හිතසුව පිණිස මේ මුදල් එම ව්‍යාපෘතිවලට ම යොදවන්න.

     

    අදායම වැඩිකරන්න පුළුවන් නම්, කොච්චර හොඳද? මම සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා, නම්‍යශීලීව අයවැයක් ඉදිරිපත් කිරීමට සහාය දීම පිළිබඳව.2016 ක්‍රියාත්මක කරන්නේ මේ අයවැය. අලුත් ශ්‍රී ලංකාවක් හදන්න අවශ්‍යයි ඒ සඳහා එකතුවන්න යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya