මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයේ මංගල අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

    දෙසැම්බර් 19, 2015

    නව රජයේ මංගල අයවැය අද (19)පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

    විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනිවර කියවා සංශෝධන සමඟ සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා විසින් නිවේදනය කළේ ය.

    තුන්වැනි වර කියවීමේ විවාදය අද දිනයේ පැවැත්වුණි.විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 160ක් සහ විපක්ෂව 51ක් ලැබිණි. 

    ඡන්ද විමසීම නාමිකව සිදු වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඡන්ද විමසීම ඉල්ලා සිටියේ ය.

     

    හිටපු ජනාධිපති ,කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ රැදී සිටියේ
    නැත.පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, මනූෂ නානායක්කර මහතා, ගීතා කුමාරසිංහ මහත්මිය, පවිත්‍රාදේවී වන්නි ආරච්චි
    මහත්මිය,සිරිපාල ගම්ලත් මහතා ,ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අඩෙක්කලනාදන් මහතා,තේනුක විදානගමගේ යන මහත්වරු
    ඡන්දය භාවිත කිරීමට සහභාගී වූයේ නැත.නොපැමිණි මන්ත්‍රී සංඛ්‍යාව 13කි.

     

    අයවැයට පක්ෂව දෙමළ ජාතික සන්ධානය ඡන්දය භාවිත කළ අතර ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව ඡන්දය භාවිත කළේ ය.

     

    විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පසුගිය නොවැම්බර් 20 දින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින්
    සිදු කළේය.

    ඉන් අනතුරුව ආරම්භ වූ අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 21 දින සිට ආරම්භ වූ අතර දෙවැනිවර කියවීමේ විවාදය
    දින 9ක් පුරා පැවැත්විණි. දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 2 දින පැවැත්වූ අතර අයවැය දෙවැනිවර කියවීම වැඩි
    ඡන්දයෙන් සම්මත විය.

    ඉන් අනතුරුව කාරකසභා අවස්ථාවේ විවාද ආරම්භ විය. කාරකසභා අවස්ථවේ විවාදයේ දී ඒ ඒ අමත්‍යාංශවලට අයත්
    වැයශීර්ෂ විවාදයට ගැනිණි. කාරකසභා අවස්ථාවේ විවාදය දින 15ක් පුරා පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya