මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැයට ඵලදායි අදහස් හා යෝජනා ඉදිරිපත් කර සහාය දුන් සැමට ස්තූතියි!

    දෙසැම්බර් 19, 2015

    ඵලදයි අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් අයවැය සාර්ථක කරගැනීමට සහාය දුන් ජනතා නියෝජිතයන් සැමට ව්‍යවස්ථාදායකය වෙනුවෙන් ස්තූතිය පුදකරන බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

    කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, අද(19) රජයේ මංගල අයවැය සම්මත වීමෙන් අනතුරුව සභාව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු
    කරමිනි.


    අයවැය කාරක සභා අවස්ථාවේ සිට සභාවේ රැදී සිටිමින් සහයෝගය ලබදුන් අතිගරුජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා,විපක්ෂනායකතුමා,සභානායකතුමා,ආණ්ඩුපක්ෂයේ සංවිධාකතුමා,විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඇතුළු සියලු අමාත්‍යවරු, මන්ත්‍රීවරු සැමට මගේ ස්තූතිය පිරිනමනවා.

     

    2016 පාර්ලිමේන්තුව කිසිදා නොතිබූ ආකාරයක ශක්තිමත් පාර්ලිමේන්තුවක් බවට පත්වෙනව. එහි වගකීම් සම්භාරයක් ඉටු
    කිරීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබෙනවා.පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කළ යුතුයි.

    සාර්ථක අයවැයක් වෙනුවෙන් කැප වූ පාර්ලිමේන්තු මහලේකම්තුමා ඇතුළු සියලු කාර්යමණ්ඩලයට මාගේ ස්තූතිය පිරිනමනවා.අවසන
    වශයෙන් සැමට සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya