මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති යාපනයේ අවතැන් වූවන්ගේ සුවදුක් විමසයි

    දෙසැම්බර් 20, 2015

    රාජ්‍ය නත්තල් උත්සවයට සහභාගීවීමට යාපනයට ගිය ජනාධිපතිතුමා අද (20) පස්වරුවේ යාපනය තිරප්පනෙයි ප‍්‍රදේශයේ පිහිටි අවතැන් වූ ජනතාව රැඳී සිටින කදවුරක් වෙත ගොස් එම ජනතාවගේ සුව දුක් විමසීය.

    ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් හේතුවෙන් අවතැන්වූ මයිලඩි, මයිලිටි, පලාලි සහ කංකසන්තුරේ ප‍්‍රදේශවල ජනතාව 1500 ක් පමණ වසර 25 ක් තිස්සේ මෙම කදවුරේ ජීවත්වන අතර ඔවුන් මේ වන විට ගැටලූ රැුසකට මුහුණ පා සිටිති.

    ඒ පිළිබ`ද සැළවු ජනාධිපතිතුමා හදිසියේම එම ස්ථානයට ගොස් එම ජනතාව හමු වූ අතර ජනාධිපතිතුමාව මහත් හරසරින් පිළිගත් එම ජනතාව වසර විසි පහක් තිස්සේ තමන් විදින දුක්බර ජීවිතයට විසදුමක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    තමන් ඉක්මනින් තම ගම් බිම්වල පදිංචිකරවන ලෙස ඔවුන් සියලූදෙනා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි අතර වසර 25 ක් පුරා නිසි රැකියාවක් කර ගත නොහැකිව මුහුණ දෙමින් සිටින පීඩාකාරී තත්ත්වය පිළිබඳවද ජනාධිපතිතුමා දැණුවත් කළහ.

    ඉන් අනතුරුව එම ආසන්නයේ තාවකාලිකව ඉදිකර ඇති නිවසක් වෙතද ගිය ජනාධිපතිතුමා එම නිවැසියන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

    රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්, පා.ම මන්තී‍්‍ර අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya