මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් මෙවර අයවැයේ යෝජනා රැසක්-අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

    දෙසැම්බර් 19, 2015

    රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් මෙවර අයවැයේ යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙන බවවිද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් අද (19) පාර්ලිමේන්තුවේ දී අඳහස් දක්වමින් මේ බව පැවසී ය.


    ග්‍රීසිය වැනි රටවල් වසරින් වසර මැතිවරණවලට යාමට සිදුවුණා. ඒ වගේම ඒ රටවල් ආර්ථික වශයෙන් කඩා වැටීමට ලක්වුණා. ලෝක ආර්ථික අවපාතයට ලක් වෙද්දි එයින් බේරි සිටිමට අපට හැකි වුණා.

     

    ‍ලෝක ආර්ථික ප්‍රවණතාවන් එක්ක ඉදිරියට යාමට අපට සිදු වෙනවා. අපට ආනායනයන් සඳහා ‍ඩොලර් බිලියන 20ක් වැයවෙනවා. තේ පොල් රබර් වැනි සාම්ප්‍රදායික අපනයන්ගෙන් අපට ලැබෙන ආදායම අඩු වී තිබෙනවා.

     

    මෙරට ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් මෙවර අයවැයේ යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් එහි සාර්ථක අසාර්ථක බව බලන්න වෙන්නේ ක්‍රියාකාරීත්වය අනුවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya