මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු ඉඩමක් සින්නක්කර අයිතියට ලබා දෙන්නේ නෑ

    දෙසැම්බර් 19, 2015

    වරාය නගර සඳහා කිසිදු ඉඩමක් සින්නක්කර අයිතියට ලබා නොදෙන බවත් රටේ වෙරළට කිසිම හානියක් සිදු නොවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    පසුගිය දේශප්‍රේමී ආණ්ඩුව හෙක්ටයාර් 233න් 125 ක් ලංකාවට අයිති වෙලා, හෙක්ටයාර 88ක් 99 අවුරුදු බද්ධට දෙන්න 20
    සදාකාලිකව චීනය දෙන්න එකඟ වී තිබුණා.මේ ව්‍යාපෘතිය බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට මාරු වෙනකොට එලෙසම
    හෙක්ටයාර් 20 සදාකාලිකව දෙනවද යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරිකාර් මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී විමසු
    ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමත්‍යවරයා මෙසේ පැවසී ය.

     


    එහිදී පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-ඒ සමාගම ගැන සොයා බැලුවා.අපි පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේ නීතිය අනුව
    කරන්න කියලයි.මේක ඉල්ලා තිබුණේ නයිට් රේසින් ට්‍රැක් එකක් දාන්න.කොළඹ නගරය ඇතුළේ නයිට් රේසින් ට්‍රැක් දාන්න කිසිම අඳහසක් නෑ.දළඳා මාළිගාව ළඟ ගේන්නවත් කිසිම බලාපොරොත්තුවක් නෑ.එකක් තිබුණේ චීන සමඟමට බදු දීමට
    අනික සින්නක්කර අයිතියට.

    අපි සින්නක්කර අයිතියට දෙන්නේ නෑ.අපි ඒ ගැන පරිසර වාර්තා ලබුණට පස්සේ තීරණය කරන්නම්.මේ
    රටේ වෙරළට කිසිම හානියක් දෙන්න අවශ්‍ය නෑ.හානියක් වෙනවනම් සංශෝධනය කරන්න පුළුවන් බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya