නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධික වර්ෂාව නිසා ගංගාවන් කිහිපයක් අධික ජල ගැලීම් මට්ටමේ - ඒ ආශ්‍රිත ජනතාව අවධානයෙන් සිටින්න

    නොවැම්බර් 26, 2024

    ඊයේ රාත්‍රියේ දිවයිනේ නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලට සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වලටත් ඇදහැලුණු විශාල මට්ටමේ වර්ෂාපතනය හේතුවෙන් එම ප්‍රදේශ හරහා ගලා බසින ගංගා කිහිපයක් මේ වන විට අධික ජල ගැලීම් මට්ටමකට පත්ව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමෙනේතුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා සඳහන් කරයි.

    ඇතිවී ඇති හදිසි ගංවතුර තත්ත්වය පිළිබඳව අද (26) උදෑසන අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය. මෙම ගංගා වල ඇතැම් ප්‍රදේශ මේ වන විටත් ගංවතුර බලපෑම් වලට ලක්වී ඇතැයිද, ඉදිරියේදී මෙම බලපෑම වර්ධනය විය හැකි බවද පැවසූ වාරිමාර්ග අධ්‍යක්ෂවරයා අද දහවල් කාලය වන විට වර්ෂාව පැවතියහොත් තත්ත්වය වර්ධනය වන බවද පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානයකින් පසුවිය යුතු යැයිද ප්‍රදේශ වශයෙන් සහ ගංගා ද්‍රෝණි වශයෙන් ගත්කළ මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක හරහා ගලා බසින හැඩ ඔය ද්‍රෝණියේ ජල මට්ටම අධික තත්ත්වයකට පත්ව ඇතැයිද පැවසුවේය. මෙම තත්ත්වයේ බලපෑම මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේත් අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේත් හැඩඔය ගංවතුර නිම්නයට අයත් ඇතැම් ප්‍රදේශ වලට සැලකිය යුතු තරම් බලපෑමක් ඇතිවිය හැකි බවද පැවසුවේය. එම ප්‍රදේශ වල ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන්ගන්නා ජනතාව දැඩි අවදානයකින් පසුවිය යුතු බවද වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya