පළමු පදවි ප්‍රාප්තිය සමරන්නේ මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරමින්.ජනවාරි 08 ලබාදුන් බොහෝ පොරොන්දු රජය විසින් ඉටුකොට තිබෙනවා.ඒ නිසා වෛරී දේශපාලනය අතහැර, ප්‍රතිපත්තිමය දේශපාලනයට එන්න යැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
පළාත් පාලන ආයතන 23ක කාලසීමාව දීර්ඝකිරීමේ ගැසට් පත්‍රය අද (30) නිකුත් කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.
දූෂණය පිටුදැකීම සඳහා ගන්නා වැදගත් ම පියවරක් ලෙස තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීම හැදින්විය හැකි බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරයි.
පළාත් පාලන ආයතනවල වංචා දූෂණවලට එරෙහි පැමිණිලි 98ක් නොවැම්බර් මාසය තුළ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය ස්ථාපිත කළ වංචා හා දූෂණ විමර්ෂණ ඒකකයට ලැබී තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.