අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන 23ක කාලසීමාව දීර්ඝකිරීමේ ගැසට් පත්‍රය අද

    දෙසැම්බර් 30, 2015

    පළාත් පාලන ආයතන 23ක කාලසීමාව දීර්ඝකිරීමේ ගැසට් පත්‍රය අද (30) නිකුත් කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.

     

    දෙසැම්බර් 31 වැනි දින අවසන්වීමට නියමිතව පැවති අදාළ පළාත් පාලන ආයතනවල කාලය මෙම ගැසට් පත්‍රය මඟින් ලබන ජනවාරී පළමුවැනිදා සිට ජුනි 30 දක්වා දීර්ඝ කොට තිබේ.

     

    පළාත් පාලන ආයතන කොට්ඨාස සීමානිර්ණයට අදාළ දේශපාලන පක්ෂවල සහ මහජනතාවගේ අභියාචනා විමර්ශනය කොට, කොට්ඨාස සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමයට ලබන වසරේ ජුනි මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ඉලක්ක කරමින් මෙම ආයතනවල කාලය දීර්ඝකර තිබේ.

     

    පසුගිය ඔක්තෝබර් 31 වෙනිදා අවසන්වීමට නියමිතව තිබූ කොළඹ කොළඹ මහ නගර සභාව සහ හම්බන්තොට මහ නගර සභාව මෙන්ම ඔක්තෝබර් 16 වෙනිදා අවසන් වීමට නියමිව තිබූ සෙසු පළාත් පාලන ආයතන පළමු වරට දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරුණු අතර මෙවර දීර්ඝ කෙරුණේ දෙවනවරටයි.

     

    කාලය දීර්ඝ කළ පළාත් පාලන ආයතන 23 මෙසේය.

    කොළඹ මහ නගර සභාව
    දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාව
    මොරටුව මහ නගර සභාව
    කොළොන්නාව නගර සභාව
    කොටිකාවත්ත- මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව
    ගම්පහ මහ නගර සභාව
    මීගමුව මහ නගර සභාව
    කුරුණෑගල මහ නගර සභාව
    මහනුවර මහ නගර සභාව
    කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව
    කඩවත්සතර සහ ගගවටකෝරලේ ප්‍රාදේශීය සභාව
    මාතලේ මහ නගර සභාව
    නුවරඑළිය මහ නගර සභාව
    බදුල්ල මහ නගර සභාව
    ගාල්ල මහ නගර සභාව
    මාතර මහ නගර සභාව
    හම්බන්තොට මහ නගර සභාව
    හම්බන්තොට ප්‍රාදේශීය සභාව
    සූරියවැව ප්‍රාදේශීය සභාව
    රත්නපුර මහ නගර සභාව
    අනුරාධපුර මහ නගර සභාව
    කල්මුණේ මහ නගර සභාව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya