ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා.එය ලොකු ජයග්රහනයක්.යම් යම් පිරිස් ක්‍රියා කරනවා,වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න.කුමන්ත්‍රණ කරුවන්ට කිසිවක් කඩාකප්පල් කරන්න ඉඩ දෙන්නේ නැතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේ ය.
අ.පො.ස. (උ/පෙළ) විභාගය ප්‍රතිඵල 2016 ජනවාරී මස 03 වන ඉරු දින ලබාදීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කොට ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ප්රවෘත්ති නිවේදනය සඳහන් කරයි.
උපාධිධාරී හෙද හෙදියන් පමණක් ඉදිරියේ දී හෙද සේවාවට බඳවා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
2016 වර්ෂය තුළ කොළඔ නගරය තුළ සුඛෝපභෝගී බස්රථ සේවාවක් ආරම්භ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජිතව ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.