ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍ය,ජනතා අයිතීන් සුරැකීම, යහපාලනය ගොඩනැගීම සඳහා වූ ජනවාරී 8 විප්ලවයේ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් අද (01) දිවයින පුරා ජාතික කොඩි ඔසවා යහපාලන ජයග්‍රහණයේ සතිය සැමරීම ඇරඹේ.
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය විනිවිද භාවයකින් සහ විශ්වාසවන්ත බවකින් යුක්තවීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත විශේෂ තීරණ කිහිපයක් ලබාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ජනවාරි 09 වැනිදා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසයේ වැදගත් දිනයක් බවට පත්වන බවත් රටේ ප්‍රජාතන්ත්‍රවදී ආයතන තවත් ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ පළමු පියවර එදිනට ගනු ලබන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.