* එක් එක් ගණයන් සඳහා ළමුන් තෝරා ගැනීමේදී ලකුණු ලබාදීම සඳහා අනුගමනය කළ ක‍්‍රමවේදයන් ද විදුහලේ දැන්විම් පුවරුවේ ප‍්‍රදර්ශනය කිරීම ද සිදු කළ යුතුයි. (දෙමව්පියන් ආසන්න පාසල්වල ලකුණු අඩු කිරීම පිළිබඳව විමසන බැවින්, ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර එම ලකුණු අඩු කිරීම පිළිබඳව ද සඳහන් කර ප‍්‍රදර්ශනය කිරීම සිදු කළ යුතුයි)
* ළමයින් තෝරා ගැනීමේ දී ලකුණු ලබාදුන් ආකාරය පිළිබඳව දෙමාපියන් විමසන අවස්ථාවලදී අදාළ විදුහල්පතිවරුන් විසින් අවශ්‍ය පිළිතුරු දෙමාපියන්ට ලබාදීමට පියවර ගත යුතුයි.
2016 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ දී විනිවිද භාවය තහවුරු කිරීම සහ ළමුන් ඇතුළත් කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳව දෙමාපියන්ගේ විශ්වාසය ඇති කිරීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම තීරණය ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් සියලූම පළාත් සහ කලාප අධ්‍යාපන ප‍්‍රධානීන් මෙන්ම විදුහල්පතිවරු දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.