අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනවාරි 09 වැනිදා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසයේ වැදගත් දිනයක්

    දෙසැම්බර් 30, 2015

    ජනවාරි 09 වැනිදා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසයේ වැදගත් දිනයක් බවට පත්වන බවත් රටේ ප්‍රජාතන්ත්‍රවදී ආයතන තවත් ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ පළමු පියවර එදිනට ගනු ලබන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

    මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (30) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.


    වසර 2016 ජනවාරි 09 වැනිදා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසයේ වැදගත් දිනයක් බවට පත්වෙනවා.වර්තමාන ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන, මනාප ක්‍රමය නැති කර අසාන හා සමනුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කර මේ රටේ ජාතික ගැටළුවට කල්පවතින විසඳුමක් සොයමින්, නව මූලික අයිතිවාසිකම් යෝජනා කරමින්,අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් තහවුරු කර,රටේ ප්‍රජාතන්ත්‍රවදී ආයතන තවත් ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ පළමු පියවර එදිනට ගනු ලබනවා.

     

    ජනවාරි නව වැනිදා ඒ සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම සම්බන්ධවන පාර්ලිමේන්තුවේ පූර්ණ කාරකසභාවක්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය යන නමින් රැස්වී තුනෙන් දෙකේ ඡන්දයක් ලබාගන්න පුළුවන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සූදානම් කර ගැනීම සඳහා.එම ව්‍යවස්ථා කෙටුම්පත කැබිනට් මණ්ඩලය මඟින් සහතික කරනු ලබනවා.ඉන් පසු පාර්ලිමේන්තුව රැස් ව විවාදය කරනවා,තුනෙන් දෙකෙන් හා ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට.

     

    බොහෝ වැරදි ප්‍රචාර ගෙන යමින් තිබෙනවා, තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිභාගිරව කටයුතු කරනවා කියලා. එය සම්පූර්ණයෙන් ම වැරදියි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාමාර්ගය ඉන් පරිබාහිරව ක්‍රියා කරන්න කිසිම අඳහසක් නෑ.ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, ප්‍රායෝගිකව මේ කරණයට සහභාගී වන්න යැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya