2011.12.07 දිනැති 11/2260/504/179#I අංක දරණ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය-2015, ජනවාරී මස 02 වන දින පැවැතවීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මූලික පිරිවෙන් අවසාන විභාගය - 2015 හෙට (01) හා අනිද්දා (02) යන දිනයන් හි පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වර්ෂ 2015 වන විට විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් රු. මිලියන 2000ක ආදායමක් ලබාගැනීම ඉලක්ක කරමින් ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය හරහාපුඵල් වැඩ පිළිවෙලක් යොදා ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මත්ස්‍ය බීජ නිෂ්පාදනයේ සහ මත්ස්‍ය ඇඟිල්ලන් නිෂ්පාදනයේ වර්ධනයක් සිදුව තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.