පසුගිය අගෝස්තු මස පැවති 2015 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (03)නිකුත් විය. උසස් පෙළ විෂය ධාරාවට හදුන්වාදුන් නව විෂය ඒකකයන් ද ඇතුළුව දිවයිනේ ප්‍රථමයින් 07 දෙනෙකු මෙවර බිහි වී ඇත.
දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අවශ්‍ය ඖෂධ වන අබිං සහ කංසා හිඟය මඟහැරවීම සඳහා අබිං ඉන්දියාවෙන් ආනයනය කිරීමට සහ කංසා ආරක්ෂිත ක්‍රමයක් යටතේ වගා කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඊයේ (03) පැවති නිලවරණයෙන් වැඩි ඡුන්ද 32ක් ලබාගනිමින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා තේරීපත් විය.