අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 උසස් පෙළ විශිෂ්ටයෝ

    ජනවාරි 04, 2016

    පසුගිය අගෝස්තු මස පැවති 2015 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල ඊයේ (03)නිකුත් විය. උසස් පෙළ විෂය ධාරාවට හදුන්වාදුන් නව විෂය ඒකකයන් ද ඇතුළුව දිවයිනේ ප‍්‍රථමයින් 07 දෙනෙකු මෙවර බිහි වී ඇත.

    Dasunගණිත විෂය ධාරාව යටතේ ප‍්‍රථමයා වූ ජේ. ඒ. දසුන් ඕෂධ ජයසිංහ බිහි වූයේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. 2012 වර්ෂයේ අ.පො.සා (සා/පෙළ) විභාගයෙන් දිවයිනේම ප‍්‍රථමයා ද වූයේ ඔහු වීම විශේෂත්වයකි.

     

     

     

     


    Thepuliජීව විද්‍යා අංශයේ ප‍්‍රථමයා වූයේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කේ. පී. ජී. තෙපුලි උමේෂා කරුණාවල්ලභ ශිෂ්‍යාවයි.

     

     

     

     

     

     

     

    akil 001jeewa 001වාණිජ අංශයේ ප‍්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ එෆ්. එම්. අකිල් මොහොමඩ් ශිෂ්‍යයාට හා කලා අංශයේ ප‍්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ. ඒ. ජීවා නයනමාලී ශිෂ්‍යාවට හිමි විය.

     

     

     


    shanaka 001navodani 001ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ එස්. එම්. ඒ. ඩබ්ලිව්. ශානක අනුරාධ සමරකෝන් ශිෂ්‍යයා ප‍්‍රථම ස්ථානය හිමිකරගත් අතර ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයේ එම්. ඒ. වාසනා නවෝදනී මාරසිංහ ශිෂ්‍යාවට ප‍්‍රථම ස්ථානය හිමි විය.

     

     

     

    Buddhika 001පොදු/වෙනත් විෂය ධාරාව යටතේ ප‍්‍රථම ස්ථානය හිමි කරගනු ලැබුවේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ වී. එම් බුද්ධික චතුරංග කරුණාරත්න සිසුවා විසිනි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya