අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවේ නිල සංචාරක යෙදී සිටින පාකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් මැතිතුමා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 2016 ජනවාරි 05 දින (අද ) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.
නව වසර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට තීරණාත්මක වසරක් බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා විසින් “ශ්‍රී ලංකා - පාකිස්ථාන සබඳතා” මැයෙන් විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
පකිස්ථාන අග්‍රාමාත්‍යතුමාගේ ශී‍්‍ර ලංකා සංචාරය වෙනුවෙන් අද (04) හා හෙට (05) කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනු ලබයි.