අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව වසර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට තීරණාත්මකයි

    ජනවාරි 04, 2016

    නව වසර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට තීරණාත්මක වසරක් බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පවසයි.

     

    අපගේ අමාත්‍යංශය මඟින් රට පුරා ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘති වලින් අධ්‍යපනය, සෞඛ්‍ය හා යටිතල පහසුකම් ඇතුළු විවිධ සේවාවන් සපුරාලනු ලබනවා. මේ සියල්ල සිදු කරනු ලබන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. අපගේ රාජකාරී නිසි වේලාවට ඉටු නොකළේ නම් එහි ප්‍රතිලාභ ජනතාවට නොලැබෙයි. එමනිසා අපේ කුඩාම නිලධාරීයාගේ සිට ඉහළම නිලධාරියා දක්වා සෑම කෙනෙකුගේම සහයෝගය කණ්ඩායමක් වශයෙන් මේ සඳහා ලැබිය යුතුයි.

     

    මෙම අමාත්‍යංශය මඟින් උතුරේ ක්‍රියාත්මක කරන ඉරණමඩු ජල ව්‍යාපෘතියෙන් අක්කර 58,000කට ජලය ලබා දීමට හැකි බවත් මේවායේ ප්‍රතිලාභ ජනතාවට ලබදීමට නිලධාරීන් නිසි අයුරින් රාජකාරී ඉටුකළ යුතු බවත් අමාත්‍යංශයේ ලේකම්  කමල් පද්මසිරි මහතා පැවසීය.

     

     නව වසර වෙනුවෙන් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ නිල රාජකාරී අරම්භ කරමින් පැවති සර්ව ආගමික වතාවත් වලින් අනුතුරුව නිලධාරීන් අමතමින් අමාත්‍යාංශ ලේකම්වරයා  මේ අදහස් පළ කරන ලදි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya