අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ශ්‍රී ලංකා - පාකිස්ථාන සබඳතා” මැයෙන් විශේෂ දේශනයක්

    ජනවාරි 04, 2016

    ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා විසින් “ශ්‍රී ලංකා - පාකිස්ථාන සබඳතා” මැයෙන් විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායක අධ්‍යයන පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ (LKIIRSS) ආරාධනයෙන් අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා “සිනමන් ලේක්සයිඩ්” හෝටලයේ දී මෙම දේශනය කිරීමට නියමිතය.


    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයක් අනුව පාකිස්ථාන අගමැති අතිගරු නවාස් ෂරීෆ් මැතිතුමා 2016 ජනවාරි 04 සිට 06 දිනවල දී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලෙනු ඇත.

    අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා සහ බෙකම් කල්සුම් ෂරීෆ් මැතිනිය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගනු ලබයි. පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 2016 ජනවාරි 05 දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ. මෙහි දී ත්‍රිවිධ හමුදා ආචාර වෙඩිමුර සහ උත්තමාචාර පවත්වමින් පැමිණ සිටින අග්‍රාමාත්‍යතුමා උත්සවාකාරයෙන් පිළිගැනීමට කටයුතු යොදා ඇත.



    ශ්‍රී ලංකාවට පැමිණ සිටින අග්‍රාමාත්‍යවරයා සමඟ පවත්වන නිල ද්විපාර්ශ්වික සාකච්ඡා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා , කැබිනට් අමාත්‍යවරු හා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවලට සහභාගී වන නියෝජිත පිරිසට ඇතුළත් වෙති. මෙහි පැමිණ සිටින අග්‍රාමාත්‍යවරයාට ගරුකිරීමක් වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රාජ්‍ය භෝජන සංග්‍රහයකුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිවා භෝජන සංග්‍රහයකුත් පවත්වනු ඇත.



    මෙම සංචාරය අතරතුර දී, සෞඛ්‍ය, විද්‍යා හා තාක්ෂණ, වෙළඳ, සංඛ්‍යාලේඛන, මැණික් හා ස්වර්ණාභරණ, මුදල් විශුද්ධිකරණ හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමේ හා සංස්කෘතික යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික නෛතික ලේඛන කිහිපයකට අත්සන් තැබීමට අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායක අධ්‍යයන පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ (LKIIRSS) ආරාධනයෙන් අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා “සිනමන් ලේක්සයිඩ්” හෝටලයේ දී “ශ්‍රී ලංකා - පාකිස්ථාන සබඳතා” මැයෙන් විශේෂ දේශනයක් ද පවත්වනු ඇත.



    එතුමා ශ්‍රී ලංකාවේ නැවතී සිටින කාලය තුළ දී, ‍ඓතිහාසික මහනුවර නගරයේ සංචාරයක නිරත වීමට නියමිතය. එහි දී පූජනීය දන්ත ධාතූන් වහන්සේට නමස්කාරය පුද කිරීමටත් මහනුවර පිහිටි මුස්ලිම් දේවස්ථානයකට හා ජින්නාහ් මධ්‍යස්ථානයට යාමටත් නියමිතය. පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට යන එතුමා එහි දී ශ්‍රී ලංකා සංචාරය සිහිගන්වනු වස් “කරඳ” (Pongamia pinnata) ශාඛයක් රෝපණය කරනු ඇත.



    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 අප්‍රේල් 5, 7 දිනවල දී පාකිස්ථානයේ රාජ්‍ය සංචාරයක නියැලුණු බව සිහියට නැගේ. 2013 වසරේ දී පොදු රාජ්‍ය මණ්ඩලයීය ආණ්ඩු ප්‍රධානීන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා සහ 2010 නොවැම්බර් මස දී අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා ශ්‍රී ලංකාවේ සංචාරවල නියැලී තිබේ. ජනාධිපති අසීෆ් අලි සාඩාරි මැතිතුමා ද ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya