අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කංසා ආරක්ෂිත ක‍්‍රමයක් යටතේ වගා කිරීම පිළිබඳව අවධානය

    ජනවාරි 04, 2016

    ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අවශ්‍ය ඖෂධ වන අබිං සහ කංසා හිඟය මඟහැරවීම සඳහා අබිං ඉන්දියාවෙන් ආනයනය කිරීමට සහ කංසා ආරක්ෂිත ක‍්‍රමයක් යටතේ වගා කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වාද්දුව ප‍්‍රදේශයේ ඉදිකළ වෙන්ඩොල් ලංකා සමාගෙමි නව ආයුර්වේද රෝහල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

     

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා: බටහිර,ආයුර්වේද, හොම්යෝපති වෛද්‍ය ක‍්‍රම, එකම අමාත්‍යාංශයක් යටතට පත්කර තිබෙනවා. අපේ රටේ රජ කාලේ පටන් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය ප‍්‍රචලිතව පැවතුනා. බුද්ධදාස රජතුමා සතුන්ටත් වෙදකම් කර තිබෙනවා. නමුත් පසුකාලයේ ආයුර්වේද ප‍්‍රතිකාර ක‍්‍රමය අභාවයට පත්වෙමින් තිබුනා. ඒ වෛද්‍යවරුන්ගේ ගුරු මුෂ්ථිය නිසයි.

     

    ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අවශ්‍ය ඖෂධ වල හිඟයක් ද තිබෙනවා. එම හිඟය අවසන් කිරීම සඳහා ඔසු උයන්වල අළුතින් ඖෂධ පැලෑට් වගා කිරීෙමි වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඇතැම් ඔසු උයන්වල පවතින නීති රීති ගැටළු හේතුවෙන් වගා කරන කොට මගේ ඇමැතිකමත් අවසන් වෙයි. නමුත් මම සියළුම ඔසු උයන් වගා කර අවසන් කරනවා.

     

    ලංකාව තුළ අබිං හිඟයක් තිබෙනවා. එම හිඟය මඟහැරවීම සඳහා පිළියමක් ලෙස අබිං ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජය සුදානම්. කංසා හිඟයක් ද තිබෙන බව දේශීය වෛද්‍යවරුන් ප‍්‍රකාශ කර තිබෙනවා. ඊට පිළියමක් ලෙස ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කංසා ආරක්ෂිත ක‍්‍රමයක් යටතේ වගා කිරීමට මම අවධානය යොමු කරනවා. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය දියුණූ කළ යුතුයි. ලංකාව පුරා වෛද්‍යවරයෙක්වත් නොමැති ඇතැම් ආයුර්වේද ස්පා ස්ථාන තිබෙනවා.මේවා බොරුවට පත්වාගෙන යන්නේ. ස්පා ක‍්‍රම කියා වෙනත් අකට යුතුකම් ඒවායේ සිදු වෙනවා. මම එවැනි රෝහල් සහ සම්භාහන මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට කටයුතු කරනවා.

     

    ශ්‍රී ලංකාවේ තිබුනේ පාරම්පරික වෛද්‍ය ක‍්‍රමයක්. බටහිර වෛද්‍ය ක‍්‍රමය තුළ පර්යේෂණ, පරීක්ෂණ ප‍්‍රසිද්ධ කරනවා. පේටන්ට් අයිතියත් ලබාදෙනවා. වර්තමානයේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට දැඩි ඉල්ලුමක් තිබෙනවා. බටහිර වෛද්‍ය ක‍්‍රමයට ප‍්‍රතිකාර කරන්න බැරි රෝග රැසකට ආයුර්වේදද වෛද්‍ය ක‍්‍රමයේ ප‍්‍රතිකාර තිබෙනවා. දියවැඩියාව,අධික රුධිර පීඩනය ඒ අතර ප‍්‍රධානයි. චීන වෛද්‍ය ක‍්‍රමයත් අභාවයට ගොස් තිබුනා. නමුත් චීන විප්ලවයෙන් පසු එය දියුණුවට පත් වුනා. අපේ රටේ ඇතැම් බටහිර වෛද්‍යවරු ප‍්‍රකාශ කරන්නේ මෙයබොරුවක් කියලයි.

     

    මහරගම නාවින්නේ ආයුර්වේද පර්යේෂණාගාරයේ පරීක්ෂණ රැසක් සිදු කරනවා. ඒවා ලෝකයට ඉදිරිපත් කරන්න කියා මම උපදෙස් ලබාදුන්නා. මේ වනවිට පර්යේෂණ 111 ක වාර්තා නිකුත් කර අවසන්.

    ඇතැම් ආයුර්වේද ඖෂධ කියා රෝග බෝවන ආකාරයේ ඖෂධත් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ ගැනත් සොයාබලන්න අවශ්‍යයි. ආයුර්වේද ඖෂධත්, ඖෂධ නියාමන අධිකාරිය යටතට ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. වැරදිවිදිහට ආයුර්වේදය භාවිතා කිරීම නිසා විවිධ මතිමතාන්තර පැතිරෙනවා. පැරණි වෛද්‍ය ක‍්‍රම ලබාදෙන්න කියා මම ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළා. සංචාරක ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයක් ද, ආරම්භ කළ යුතුයි.මෙමගින් විදේශිකයින් අතර ආයුර්වේදය ප‍්‍රචලිත කරන්න පුළුවන්.

     

    මෙම අවස්ථාවට ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා, වෙන්ඩොල් ලංකා සමාගමේ සභාපති සරත් ගොඩකන්ද මහතා ඇතුළු ආයුර්වේද වෛද්‍යවරු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya