මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුමන්ත්‍රණකරුවන්ට කිසිවක් කඩාකප්පල් කරන්න ඉඩ දෙන්නේ නෑ-අමාත්‍ය කබීර් හෂීම්

    දෙසැම්බර් 30, 2015

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා.එය ලොකු ජයග්‍රහනයක්.යම් යම් පිරිස් ක්‍රියා කරනවා,වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න.කුමන්ත්‍රණ කරුවන්ට කිසිවක් කඩාකප්පල් කරන්න ඉඩ දෙන්නේ නැතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ කළේ ය.

     

    රටේ කලින් තිබූ තත්ත්වයයි, දැන් තිබෙන තත්ත්වයයි සසඳා බලන්න අවශ්‍යයි.අපට සුළුතර රජයක් තිබුණේ.අගෝස්තු 17
    දින බහුතර රජයක් පිහිටුවනු ලැබුවා.දැන් ඒ රජයට මාස හතරයි.ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා ආණ්ඩුවක්
    පිහිටුවා තිබෙනවා. එය ලොකු ජයග්‍රහනයක්.එක ආණ්ඩුවක්, ජාතික අරමුණක් ඔස්සේ වැඩකිරීම ම ජයග්‍රහනයක්.

     

    ජනතාව ඉල්ලු දේ ලබාදුන්නා. නිදහස ලබාදුන්නා.නැවත නිදහසේ කටයුතු කරන්න අවස්ථාව උදා වෙලා.ලියන්න කියන්න
    අයිතිය ලබාදී තිබෙනවා.පොදු ජනතාව බලාපොරොත්තු වූ නිදහස, අයිතිය ලබාදීමට අපට හැකි වී තිබෙනවා.

     

    අධිකරණයේ ගෞරවය ආරක්ෂා කරලා, නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරලා, සියලු කොමිෂන් සභා පිහිටුවලා,දේශපාලඥයන්ටත් එකම නීතිය ක්‍රියාත්මක කරනපරිසරයක් හදලා තිබෙනවා, ගෙවුණ මාස හතරක කාලය තුළ.

     

    රටේ විශාල ආදායම් විෂමතාවක් තිබුණා.ආර්ථිකය පැත්තෙන් සමජ සාධාරණත්වය ඇති කිරීම සඳහා අපි ප්‍රතිපත්තිමය
    තීරණයක් ගත්තා.ආර්ථික සංවර්ධනයට වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.

     

    මේ ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න යම් යම් පිරිස් ක්‍රියා කරනවා.ආණ්ඩුව ශක්තිමත්. කුමන්ත්‍රණ කරුවන්ට
    කිසිවක් කඩාකප්පල් කරන්න ඉඩ දෙන්නේ නෑ.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සියලු අභියෝගවලට මුහුණ දුන්නා.එතුමා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්
    වුණා.අප දින 365ක පළමු සංවත්සරය සමරනවා.අපි ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රනනය සමරන්නට ජනවාරී පළමු දින සිට
    සැවොම ජාතික කොඩිය ඔසවා තබන්න යැයි ද අමාත්‍යවරයා ප්‍රකශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya