අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීම දූෂණය පිටුදැකීමට ගන්නා වැදගත් ම පියවරක්-අමාත්‍ය රාවුෆ් හකීම්

    දෙසැම්බර් 30, 2015

    දූෂණය පිටුදැකීම සඳහා ගන්නා වැදගත් ම පියවරක් ලෙස තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීම හැදින්විය හැකි බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී අඳහස් දක්වමිනි.

     

    තවදුරටත් අඳහස් දැක් වූ අමාත්‍යවරයා,

    ''වසර 2009න් පසුව මේ රටේ ගිළිහී ගිය ආගමික සමඟිය යලි ඇති වී තිබෙනවා.වසර 2011-2013 කාලයේ යම් යම් සිද්ධි ඇති වුණා ආගමික ප්‍රශ්න නිසා.ඒ යුගය පිටුදකින්න හැකි වීම අද ආණ්ඩුවේ සාර්ථකත්වය කියන්න හොඳටම ප්‍රමාණවත්.

     

    ජාත්‍යන්තරය ඉදිරියේ අපි ක්‍රමක් ක්‍රමයෙන් චූදිතයන් වුණා.අපේ රටට විරුද්ධව යෝජනා සම්මත වුණා.ජාත්‍යන්තරය ඉදිරියේ කොන් වුණා.බලහීන වුණා.

     

    අප ගන්නා පියවර සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සහාය පළ කර තිබෙනවා.අප සංහිදියාව ආරක්ෂා කරමින් සිදු කරන
    ප්‍රතිපත්තියට සහාය පළ කරනවා.ඇඟට දැනෙන සාර්ථක පියවර රැසක්,පරිවර්තනීය වැඩකොටසක් සිදු කරනවා.

     

    තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත මුල් පියවරක් ලෙස සම්මත කෙරෙනවා.එයින් ජනමාධ්‍යවේදීන් ශක්තිමත්
    වෙනවා.දූෂණය පිටුදැකීම සඳහා ගන්නා වැදගත් ම පියවරක් ලෙස තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීම
    හැදින්විය හැකියි.

    දින සියයේ ආණ්ඩුව තුළ 19 වන සංශෝධනය ගෙන එන්නට හැකි වුණා.කුමන්ත්‍රණකාරී බලවේග පරාජයට පත් කරන්න
    ශක්තිමත්ව එකතු වී සාමූහිකව කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya